Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, July 10, 2015

ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වී දරුවකු බිහිවන අයුරු

ආයුබෝවන් අද දවස ඔබට කෙසේද?

අද මා පළ කිරීමට යනුයේ මිනිසාගේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වී යුක්තානුවක් සෑදී දරුවකු බිහිවීම දක්වා විකාශනය වන , මෙතෙක් මා දුටු අපූර්වතම වීඩියෝව ඔබ වෙත ගෙන හැර දැක්වීමටයි. මෙය නරඹා ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වන මිනිසා සෑදෙන අයුරු වටහා ගන්න.



සතුටින් සිටින්න නම් දැන් ජීවත් වෙන්න!!



වර්තමානයේ බොහෝ දෙනා පිටතින් සතුටින් සිටිනවා සේ විදහා දැක්වුවත් , බොහෝ විට ඇතුළාන්තයෙන් ශෝකයෙන් , සාංකාවෙන් , බියෙන් , චකිතයෙන් සිටින්නෝ වෙති. අපගේ සතුට බොහෝ විට අප ළඟම ඇතත් බොහෝ දෙනා ඒවා බාහිර දේවල් වෙතින් බලාපොරොත්තු වෙති.


උදාහරණ ලෙස ගතහොත් ඇතමෙක් තමා හට හැඩකාර තරුණියක ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතති. ඇතැම් කාන්තාවක තමා හට වත්කම් ඇති සැමියෙක් සිටියොතින් තමා සතුටින් ඇතැයි සිතන්නීය. තවකෙක් තමාට වටිනා මෝටර් රථයක් ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතයි. තවත් අයෙක් තමන් හට වටිනා ජංගම දුරකතනයක් ඇත්නම් තමා සතුටින් සිටින්නේ යැයි සිතති. ඇත්තෙන් ම මේ සතුට මායාවක්ම නොවේද? තමාට තමාවම සතුටින් තබා ගත නොහැකිනම් , තමාට පරිබාහිර අයෙක් හෝ දෙයක් තමාව සතුටින් තබන්නේ කෙසේද ? මඳක් සිතා බලන්න. ඉහත මා දැක් වූවා වූ උදාහරණයන් හිදී , හැඩකාර තරුණියට යම් කුෂ්ට රෝගයක් වැළඳුන හොත් , ධනවත් සැමියා හදිසියේ බංකොළොත් වුවහොත් , වටිනා මෝටර් රථය හදිසි අනතුරකින් කැඩී ගියහොත්, ජංගම දුරකතනය යමෙක් සොරකම් කළහොත් , ඔබගේ සතුට ඔට්ටුවට තබා තිබූ බාහිර දෙය නැති වනවා නේද?


මෙයමයි ගෝතම බුදුන් ;

 “අත්තාහි අත්තනෝ නාථෝ
කෝ හි නාථො පරෝ සියා
අත්තනා’ ව සුදන්තේන
නාථං ලභති දුල්ලභං“

 තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දැමුණූ කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය, යනුවෙන් දේශනා කළේ.



කෙසේ වෙතත් මා මෙහිදී තවත් දෙයක් සඳහන් කළ යුතුම ය. මේ ජනසමාජයේ බොහෝ දෙනා අතීතය පිළිබඳ තැවෙමින් සිටිති. තමා කළ හෝ නොකළ දේ පිළිබඳ සිතා , ඒ සිතුවිලි තුළ ම මැරි මැරී උපදිති. උදාහරණයක් ලෙස ගතහොත් ; තමා තවත් මහන්සි වී අධ්‍යාපන කටයුතු කළා නම් විශ්ව විද්‍යාලයට යන්නට තිබුණා නොවේද ? එයින් පසු හොඳ රැකියාවක් ලබා ගන්නවා නොවේදැයි සිතනු ඇත. එසේම බොහෝ දෙනා අනාගතයේ ඇතිවිය හැකි දේවල් නිසා තැවි තැවී සිටිනන් වෙති. හෙට දිනයේ ඇති සම්මුඛ සාකච්ඡාව කෙසේ වේවිද? අනාගතයේ මා හට ජීවත් වීමට මුදල් ලැබේවිද? හෙට දිනයේ තරගයෙන් මා දිනයිද? යනුවෙන් තැවීම මෙයට උදාහරණ වෙයි. ඇත්තෙන්ම මේ අතීතය සිදුවී අවසන් ය. මේ අනාගතය තවමත් සිදුවී නැත්තේම ය. එසේ නම් ඔබ දැන් සිටින්නේ කොතැනද?



ඔබ ජීවත් වන්නේ “දැන්“ නොවේද? ඔබ ගන්නා මේ හුස්ම “දැන්“ ගන්නා හුස්ම නොවේද? ඔබට මනස විවෘත කර තත්ත්වය , නිළය , බලය කිසිවක් නොසිතා දැන් ජීවත් වන්නට පුළුවන්ද? එසේ හැකි නම් ඔබ දැනටමත් සාර්ථක මිනිසෙකි. නමුත් බොහෝ දෙනාට මේ මානසිකත්වය නැත්තේම ය. අද ඇති නිළ බලය , තත්ත්වය හෙට නැති වුවත් ඔබ හුස්ම ගන්නවා නොවේද ? නැතිවන සෑම බාහිර දෙයක්ම නැවතත් ලබාගත හැකිය. ඔබ කළයුතු යමක් , සමාජය විසින් තමාව ලජ්ජාවට පත් කරාවි යයි සිතා නොකර සිටීමෙන් , පසුව පසුතැවිලි වන්නේ ඔබම නොවේද? මෙසේ සිතන්න.ඔබ පිරිමියෙකි. පාරේ යන කාන්තාවක හදිසි අනතුරකට මුහුණ පා මහමග වැටී සිටින්නී , ඔබ ප්‍රථමාධාර දන්නේ නමුදු ඇයගේ උඩුකය නිරාවරණය කර කෘතිම ස්වසනය හා හෘද ස්පන්දනය ලබා දුන්නේ නම් ඇය ජීවත් කරවීමේ වාසනාව ඇතත්, උඩුකය නිරාවරණය නිසා සමාජයෙන් නිගා ලැබිය හැකිය යන අනියත බිය නිසා ඔබ එසේ නොකර ඈ මිය යන්නීය. දැන් ඔබගේ සතුට කොතැනද? ඔබගේ මාන්නය නිසා තවත් ජීවිතයක් අහිමි වූවා නොවේද? ඔබට මේ සිතිවිල්ල සෑමදා මනසේ රැව් පිළිරැව් නොදෙන්නේද?



අනාගතය වෙනුවෙන් සැලසුම් සදන්න. අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න. නමුත් අනාගතයේ හෝ අතීතයේ ජීවත් වීමෙන් වර්තමානයේ සැනසුම විනාශ කරගන්නට එපා! ජීවිතයේ ගෙවෙන හැම තත්පරයක්ම තමාට සහ අනුනට වැඩදායක වන යමක් කරන්න. මතක තබාගන්න , ඔබ ගන්නා සෑම හුස්මක්ම දැන් ගන්නේ නම් ඔබ සිතන සෑම සිතිවිල්ලක්ම දැනට අදාළව සිතන්න. ඔබ සතුටින් සිටියි නම් ඔබ වටා සිටින සැවොම සතුටින් සිටිති.

ඔබට ආදරය කල යුතුද, නැද්ද ?



නුඹ මට මෙය පවසන්න
මා ආදරය කල යුතුද නැද්ද කියා
නුඹ හදෙහි ලිපිනය දෙනු මැන
මා ආදරය කලත් නැතත්

මෙය පමණක් පවනන්නම් නුඹ හට
මාගේ ආදරයේ නාමයෙන්
මා හට පාලනය කර ගත නොහැක කියා
එනමුදු,හදවත සිතනු ලැබුවා
අප මුණ ගැසීමට පටන් ගත් පසුවත්,
වරක් ඇසිය යුතුයි කියා

මෙවැනි ආශාවන් මිට පෙර කවදාවත් නොතිබිණ
කිසිවකු හමු වීමට මෙතරම් උත්සාහ නොගෙන ඇත
මාගේ පැනයන් වලට පිළිතුරු  ලබා දෙනු,
මා අවශ්‍ය වූවත්, නොවූවත්
දෑසින් දෑස එක් කරවන්න,අවශ්‍ය වුවත්,නුවත්.

මාහට ඇත්තේ චුටි චුටි සිහිනයන්ය
සිහිනයන් තුල ගීතයක්  ඇත
ගීතයන් තුල ජීවිතය ඇත.
ඒ වගේම, දයාව සහ ආදරයත්
මම තව දුරටත් නොදකිමි එවන් සිහින
එහි,නුඹ නොමැතිනම්
ඔන්න ,මා කියනු ලැබුවා
මෙතෙක් සැගවී තිබුණු දේ

මා හද මටත් වඩා නුඹව විශ්වාස කරන්නට විය
තනිවූ මොහොතවල් වලදී,දකිමි නුඹ ගැන සිහිනයන්
නුඹ ගැන ඇතිවිය මා හට ආදරයක්
නුඹගෙන් කවදාවත් නොඅසමි
ආදරය කලත් නොකලත්
නුඹගේ සිහිනයන් තුලයි දැන් ජිවත් වීමට වුවමනා
එය පමණයි මට අවශ්‍ය.......



Tuesday, June 23, 2015

දෑස් වලින් කතා කරමු

ඔයා වගේම මමත් කතා කරනවානේ. බලන්න ඔයා මාත් එක්ක කතා කරද්දී, ඔයා ආදරේ කරන කෙනාට කතා කරද්දී කොච්චර වෙනස්ද කියලා. කටින් විතරක්ම නෙවේ. අපි ආදරේ කරද්දී ඇස් වලිනුත් කතා කරනවා.



ඔයා ආදරේ කරද්දී, ආදරේ කරන කෙනා ලඟ ඉද්දී ඔහුට තියෙන බැදීම එක වචනෙකින්වත්කතා නොකර ඔයා හරිම පැහැදිලිව, සරලව ඔයාගේ ඇස් දෙකෙන් කියනවා. ඒ හැම දේම ඔයාගේ ආදර වන්තයාගෙන් හෝ ආදර වන්තියගෙන්  ලැබෙනවා.. ඔයාලා හමුවෙන මොහොතෙදීම මුලින්ම දකින තප්පරේ ඉදලා කටින්{මුවින්} කතා නොකලට හදවතේ තියෙන හැම බැදීමක්ම, සිතුවිල්ලක්ම ඔයා එයත් එක්ක සුහඳව හුවමාරු කර ගන්නවා ඔයාගේ ඇස් දෙකෙන්. ඇස් දෙක ඔයාට මේ ස්භාවධර්මය තෑගී කරලා තියෙන්නේ බලන්න විතරක්ම නෙවේ. හරිම සංවේදිව, අවංකව අපිට හමු වෙන අයත් එක්ක අදහස් හුවමාරු කර ගන්න පුළුවන් සන්නිවේදන ඉන්ද්‍රියක් කරලා.

ඔයාට මම පුංචි දෙයක් කියන්නම්. ඔයාට කෙනෙක් එක්ක කතා කරද්දී.. ඇත්තටම එයා ඔයාට ඇත්ත කතා කරනවද, අවංක වෙනවද, අව්‍යාජද කියලා හොයා ගන්න එක හරිම ලේසියි. ඔයා දන්නවද හොරයක්, බොරුවක්, වංචාවක් ඔයා වෙනුවෙන් කෙනෙක් හිතේ තියාගෙන කතා කරනවා නම් කොච්චර හිනා වෙලා කටින් කතා කලත් එයාට ඔයාගේ ඇස් දෙක දිහා බලලා කතා කරන්න බැරි වෙවි. ඔයා වුණත් ඒ අපහසුතාවයට පත් වෙයි.



මේක හරිම ලස්සන පාඩමක්. ඔයා ජීවිතේදි ඔයාට හමු වෙන හැම කෙනෙක්ටම සුහඳ වෙන්න. කතා කරන දේ ඔයාගේ මුලු හදවතින්ම කතා කරන්න. එයාගේ දෑසට එබෙන්න. කටින් කතා කරන හැම වචනෙම ඔයාගේ ඇස් දෙක හරහද එයාට ලැබෙන්න සලස්වන්න. ඒක ඔයාට වගේම එයාටත් ලොකුම ලොකු ආශිර්වාදයක් වෙවි. ඔයාට ලොකුම ලොකු පහසුවක් දැනේවී. කරන හැම දෙයක්ම සැහැල්ලුවෙන් දැනේවී.

ඔයා මේ ගතිගුණ කෙටි කාලයකට සීමා කරන්න එපා. ඔයා ආදරේ කරන කාලෙදී ඔයාගේ ආදර වන්තයාට හෝ වන්තියට  කටින් කතා කලා වගේ, ඇස් වලින් කතා කලා වගේම වියපත් වුණහමත් ඔයාගේ මහත්තයාට ඒ විදියට කතා කරන්න. සුහඳ වෙන්න. ඒ ඇමතීම සුන්දර වෙවි. මුළු ජීවිත කාලය පුරාම ඔයා නැවුම් දිනක් ගෙවාවි. ඔයා විතරක් නෙවේ.. ඔයා වටේ ජීවත් වෙන අයත් මේ වෙනසට හුරු වෙවි. ඔයා කරප් ඒ පුංචි වෙනසින් ජීවිත ගණනකගේ ජීවිත වලට ලොකු වෙනසක් ගෙන්නඔයාට පුළවන් වේවී. මන්ද යත් බුදුන් වහන්සේ එදා කරපු අනිමිස පූජාවේ ආනිසංසයෙන් අවුරුදු 2600 ක් වෙලත් ජය ශ්‍රී මහ බෝධිය අදටත් දළු දානවා.

ගහ කොළ මල් කදු වැටි නිසොල්මනේ අසා සිටිනවා..
අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ
දෑස් වලින් කතා කරමු..

රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ
රැයේ – අඳුරේ ඒ මීවිත මටයි
එවිට ඔබට කතා නෑ – රහසේ
දෑස් වලින් කතා කරමු..

සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ
ඹබේ – සෙවනේ මා ගී හඬ ගොළුයි
මුවට වදන් මතක නෑ – රසසේ
දෑස් වලින් කතා කරමු….

ගහ කොළ මල් කදු වැටි…

අම්මා

                         


මම ඔයාට පොඩි කතාවක් කියන්නයි සුදානම් වෙන්නේ... ඔයාගෙන් මම කාරුණික ඉල්ලීමක් කරනවා... ඔයාගේ අවිවේකී ජිවිතයෙන් මිනිත්තු 10 ක් 15ක් මේ කතාවට වෙන් කරන්න බැරිනම් මේක මෙතනින් කියවන එක නවත්තන්න... පස්සේ වෙලාවක කියවන්න..

ඔයාට කාලය තියෙනවානං දැන් කතාව පටන් ගමු...
රබාන කිව්වොත් ඔයාට මට මැවෙන්නේ එකම රූපයක්... කතුර කිව්වොත් ඒත් එහෙමයි..අම්මා කිව්වොත්... ඔයාටත් මටත් මැවෙන්නේ රූප දෙකක්...මේ වචන තුනේම තියෙන්නේ සිංහල හෝඩියේ අකුරු තුනක්...එත් “අම්මා” වචනේ ඔයාට දැනෙනවා වැඩියි නේද? මේ කතාව කියවන තිරය උඩට ඒ රත්තරං අම්මගේ රූපේ ඇඳගන්න මම ඔයාට ආරාධනාවක් කරනවා... ඔයාගේ අම්මා, සුදු උනත්.. කළු උනත්.. උස උනත්.. මිටි උනත්.. මහත උනත්.. කෙට්ටු උනත්...ඒ ඔයාගේ අම්මා.... තිරය උඩ ඔයා මේ දකින්නේ ඔයාගේ දැන් අම්මා නේද? කෙහෙ සුදු වෙච්ච අම්මා... මුණ ටිකක් රැළි වැටුන අම්මා...ටිකෙන් ටික ඒ මුහුණ තරුණ කරමුද?? මම දන්නවා එහෙම කරනකොට ඔයා ඉබේම පොඩි වෙනවා... ඔයාව ඇවිද්දපු අම්මා...ඔයාට කිරි සුවද දුන්නු අම්මා... ඔයාව බඩ ඇතුලේ හංගගෙන හෙමින් ඇවිද්ද අම්මා...වමනේ යන බව දැන දැන ඔයාට නේද කියල හිතලා කෑම කාපු අම්මා.... ඔව් ඔයාගේ අම්මා... ඔයාව බිහිකරන දවසේ වින්ද වේදනාව...හරියට එක පාරකට ඇගේ අස්ථි 10ක් 12ක් කැඩෙනවා වගේ කියලා මම අහල තියෙනවා...ඔයා කන්තාවක් නම් ඒ වේදනාව ගැන ආඩම්බර වෙන්න... ඔයා පිරිමි කෙනෙක් නම් ඒ වේදනාව විදින්න හිතන්නවත් එපා...මොකද වේදනාවක් විදින්න හයිය හිතක් විතරක් මදි...ඒකට ලොකු ආත්ම විශ්වාසයක් ඕන... ගෑනු හදවතක තියෙන ඒ විශ්වාසෙන් දහයෙන් පන්ගුවක්වත් පිරිමි හිතක නෑ..........ඔයාගේ තරුණ අම්මා හරි ලස්සනයි නේද?? ඇත්තටම මේ වෙලාවේ ඒ මුණ මතක් කරන මේ සින්දුව අහන්න....



සින්දුව අහුවනං ඒ වචන ටික අස්සේ මේ පපුවේ පතුලටම කිඳා බහින පද පේලි ටිකක් ඇහුනද?
“අම්මා යන සමාධියට හිදිමි සමවැදී - ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී..”
“සිව් බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ - ඔබ දුටු විට මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ.. ”

අම්මත් එක්ක ගත කරපු සුන්දරම කාලේ මතකද? ඔයත් එක්ක ඉස්කෝලේ ගියපු...සමහර විට ඔයාගේ පුංචි පොතෙන් ජිවිතේ පළමු වතාවට අකුරු කියවපු.......අහිමි වුන එයාගේ හීන පොදිය ඔයාගේ කකුල් දෙක පාමුල තියල කැමති එකක් ඇහිඳලා ගනිං කියපු අම්මා....තාත්තට කේලම් කියන අම්මා...ගුටියක් දෙකක් දීල රෑට ඇවිත් තෙල් ගාන අම්මා....දුකකට අසනීපෙකට ඔයා ළගින් හෙලවුනේ නැති අම්මා...ඔයා කාන්තාවක් නම් මල්වර උන දා පටන් හැමදාම ඔයාව පරිස්සං කරපු අම්මා... ඔයා පිරිමි කෙනෙක් නම් ලොකු මහත් වෙන ඔයාගෙන් පරිස්සම හොයපු අම්මා....සමහර විට දරුවන්ගේ පපුව අස්සේ හුරතල් වුන අම්මා....අලුත් කාලේ උනත් ඒ හුරතල් අම්මා ඉන්නවා මේ සිංදුවේ... අහලම බලන්න....


“තාමත් අත අල්ලලා...පාරෙත් හුරතල් වෙලා...ඈටත් මුළු ජීවිතේම මං වෙලා....”
අන්තිම වචන දැනෙනවා ගොඩක් හිතට...නිකමට හිතල බලන්න ඔයාගේ ෆෝන් එකට එන අම්මගේ දුරකථන ඇමතුම් කීයක් විසන්ධි කරලා තියෙනවද???සමහර විට ඔයා අසම සින්දුව අහන වෙලාවක අම්මගෙන් එන ඇමතුම..ඔයා පෙම්වතිය එක්ක ඉන්නකොට එන ඇමතුම...කීයක්ද?? ඒ හැම වතාවකම ඒ රත්තරං අම්මගේ හිත කොච්චර පෑරෙනවද කියල නිකමට හිතුවද?? ඔයාගේ කට හඬ එයාට තවත් එක හඩක් නෙමෙයි... උදේ ඇහැරුණාම අහන ජය පිරිත තරම් නිදියන්න අහන මහ පිරිත තරං කියලා හිතාගෙන ඔයාට කතා කරන්නේ...එත් මුකුත් නොකිය විසන්ධි කලහම... මම ඔයාගෙන් ඉල්ලීමක් කරනවා..එහෙම කරන්න එපා ආයෙත්...ඔය කටහඩින් කියන්න “අම්මා..මම පොඩ්ඩකින් ආයේ කතා කරන්නං ” කියල..අම්මා කියයි. “හදිස්සියක් නෑ පුතේ...පරිස්සමින් ඉන්න..” කියලා... ඒ ආදරෙන් පන්ගුවක්වත් දෙන්න පුළුවන් වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැති තරම්.... දිවුල්ගනේ මහත්තයාගේ ලස්සනම සිංදුව මේ කතාවට හරියටම හරි....


මේ පද ටික පපුව ඇතුලේ තාමත් හොල්මන් කරනවා ඇති මේ සිංදුව ඔයා අහුවනං....

“මහමායාවෙනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ.....”
“බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන් සිත නිවී සැදේවා..”
“ඇත් රැජිණියනේ ඔබේ නැළවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා...”

මේ වෙද්දී ඔයාගේ අම්මා ඔයාලව අත හැරලා ඈත පේන තාරුකා අස්සේ හැංගිලා ගිහිල්ලනං... මම ඔයාට පුංචි ආරාධනාවක් කරනවා... ඒ රත්තරන් අම්මගේ පින්තූරේ... බුදු පිළිමේ ලගින් තියන්න.. ජේසුස් වහන්සේ ලගින් තියන්න... තුන් මාසයක් තව්තිසාවේ තමන්ගේ අම්මාට බණ කියපු බුදු හාමුදුරුවෝ...මරියතුමියට අප්රමාණව ආදරය කරපු ජේසුස් වහන්සේ අමනාප වෙන එකක් නෑ... ඔයාගේ අම්ම උන්වහන්සේ සමතැන් කළා කියලා... ඒ අම්මගේ ආදරේ ඒ තරම් වටිනවා... පහන තියලා ප්රාර්ථනාවක් කරන්න..මතු භවේ පිරිමි ආත්මයක් ලබන්න... මොකද දන්නවද?? ගැහැණු කෙනෙක් බුදු වෙනවා කියල අපි අහල නැති නිසා...ඒ අම්මා බුදු වෙන්න ප්රාර්ථනාවක් කරන්න.. නන්ද මාලනියගේ මේ සිංදුව ඇහැ පියාගෙන අහන්න...එක වතාවක් ඒ අම්මව හිතේ මවාගෙන...




“දරුවන්ගේ දුක් කඳුළු දකින දා ..සුරලොව සිට අත පා...ඒ කඳුලැලි පිසිනා...”
“අම්මාවරු නැති දරුවන්ගේ...සංකා දුක් කවුදෝ දන්නේ..ඒ දුක දන්නා අම්මාවරුමයි..යම් මතු දිනයක බුදුවන්නේ... ”
ගමේ හැදිලා කොළඹ ඇවිත් රන් කාසි හොයන ඔයාගෙන් මම එක ඉල්ලීමක් කරනවා....ඒ රත්තරං අම්මව මඟ හැරෙන්න දෙන්න එපා ජීවිතෙන්... ඒ අම්මගේ ආදරෙන් ඔයාව...ඔයාගේ බිරිදව..සැමියාව...දරුවන්ව...වෙන් කරගන්න එපා.. දීපිකා මහත්මියගේ මේ ගීතය අහල ඉන්න..කතාවේ ඉතුරු ටිකට යන්න කලින්...


“ඉණි වට ළඟ බලා හිදී අපි එනතුරු අම්මා...”
“සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා - අම්මාවරුන් දුක් වින්දා හඬලා..”
“දරුවන් අනේ රජ වෙනතුරු මග බැලුවා - දුක් සැප බලන්නට නාවත් සෙත් පැතුවා... ”
මම ඔබට යෝජනාවක් කරනවා... මෙදා පාර අලුත් අවුරුද්දට ගමේ යමු... චීත්ත රෙද්ද අරං පුරුද්දට වගේ අවුරුද්ද ගෙවිලා ගියාට පස්සේ නෙමෙයි.... නොනගතේ ලබන්න කලියෙන්ම... මෙදාපාර ඔයාගේ පැටවුන්ට නැකතට කන්න දෙන්න එයාලගේ ආත්තම්මාගේ අතින් හදපු කිරිබත් කෑල්ලක්...ඔයාට දරුවෝ නැත්තං..අම්මලට කියන්න මෙදා අවුරුද්දට කන්න ඕන කියලා ආත්තම්මාගේ අතින් හදපු කිරිබත් කෑල්ලක් කියල...මෙදා අවුරුද්දේ කතා කරන්න සහෝදරයෝ ඔක්කොටම..අම්මා ඉන්න තැනට...මැරුණම ගෙනියන්නේ නැති ඉඩම් කඩම් හින්ද මරා ගත්තා ඇති...ඔක්කොටම එන්න කියන්න...ඒ රත්තරං අම්මට තමන්ගේ දරුවෝ මුණුපුරෝ රොත්තම වට කරගෙන කිරිබත් කන්න ජීවිතේ අවස්ථාව සලසල දෙන්න...ඊලග අවුරුද්දේ ඔයා පරක්කු වැඩි උනොත්??? මොකද දන්නවද එක දවසකටවත් අම්මව මග හැරුණොත් ආයේ ඒ දුක කවදාවත් ඔයාට වාවගන්න බැරිවෙයි.....
මැනලා කිරිදුන්නේ නැති ඒ රත්තරං අම්මට අසීමිතව ආදරය කරන්න... වික්ටර් මත්තයගේ මේ නැලිවිලි ගීයෙන් මේ කතාව මට අවසන් කරන්න ඉඩ දෙන්න


හැමදාමත් අම්මට ආදරෙන් ඉන්න..සදා ජය!!!
දස මාසේ වුරේ කත්වා
පෝසේසි වුද්ධි කාරණං
ආයු දීඝං වස්සසතං
මාතු පාදං නමාමහං..

සන්නාලියනේ



මම ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයා වගේම මහන්සි වෙලා ජීවිතේ ගොඩගන්න දහදිය කඳුළු හලන කෙල්ලෝ කොල්ලෝ ටිකක් ගැන කියන්න හදන්නේ. මාතෘකාව දැක්ක ගමන් දැනගන්න ඇති!! ඔයාගේ අවිවේකී ජිවිතයෙන් මිනිත්තු 10 ක් 15ක් මේ කතාවට වෙන් කරන්න බැරිනම් මේක මෙතනින් කියවන එක නවත්තන්න... පස්සේ වෙලාවක කියවන්න..

උපන්න දා ඉදන් අපි ඇදුම් අන්දා..ඕන උනේ විලි වහගන්න... උපන්දා ඉදන්ම ජිවිතේ හැම තැනදීම.. බඩ ඇතුළේ හංගගෙන දස මාසෙකට පස්සේ බිහි කරපු දෝණි පපුව උඩින් තිබ්බම කිරි උරන හැටි බලන සන්නාලිය...ලොකු වෙන දෝණි ඇස් දෙක වගේ බලාගෙන දීග යන හැටි උපේක්ෂාවෙන් බලා ඉන්න සන්නාලිය... තමන්ටත් කලින් හතර රියනේ උරුමය ගන්න හදිස්සි උන දෝණිගේ පපුව උඩ මල්වඩමක් තෙරපෙන හැටි කඳුළු අතරින් බලන සන්නාලිය.. ඉපදීම, නික්මන නිවන කියන  මේ ලෝක ධර්මතාව අපිට අවබෝධ කරන්න සන්නාලියක් තෝරගත්තේ ඇයිද මන්දා... පපුව ඇතුලට වැදිලා ආයේ එලියට නොඑන්නම නිධන්ගත වෙන පණ්ඩිත් අමරදේවයන්ගේ හඬ මට ඇහෙනවා වගේ...අහන්න උවමනාව තිබ්බත් මග හැරුණු ඒ ගීතයටඅපි විනාඩි කීපයක් වෙන් කරමු.. කතාව පටන් ගමු ඊට පස්සෙම... මේ සන්නාලියනේ.....


                                  

අද ඔයා බොහොම හැඩ වැඩ දාල ඇඳපු විල්ලුද ඇඳුම උඩ උල් ඉඳිකටු වලින් නූල් ඇමිණුවේ ඒ සන්නාලිය!!! හැබැයි සමහරුන්ට ගාමන්ට් කෙල්ලෝ..පාදඩ උන්ට ගාමන්ට් කෑලි..78 න් පස්සේ හොද නරක දෙකටම කට අරුණු ලංකාවේ ආර්ථිකයට එකතු උන වෙළද කලාප ඇතුළේ හිර උන අහිංසක හිත් ගැන අද කතා කරන්න හිතුනා.... මේ රටේ ආර්ථිකේ ඇතුලේ මේ හිරිවැටුණු ඇඟිලි තුඩු කරන වික්‍රමෙන් එන කාසි වලට ලොකු තැනක් ලැබුණත් ඔයාගේ මගේ හිත් වල මේ ළමයි ගැන තියෙන්නේ අවලංගු කාසියකට තියෙන සැලකිල්ලක් නෙමෙයිද??? මොකක්ද ප්‍රශ්නේ... ඒ අහිංසක ළමයින්ට අපේ හිතට එන්න තරමට වාසනාවක් නැද්ද? නැත්තන් උන් ආදරෙන් වැළදගන්න තරං අපේ හිත් ලොකු නැද්ද??? පළල් නැද්ද??? ඔයා කොල්ලෙක්නම් ගාමන්ට් ළමයෙක්ව කසාද බදින්න කලින් දෙපාරක් හිතන්න කියලා ඔයාට කියලා දුන්නේ කවුද??? ඒ ආදරණිය හිත් වලට ආදරේ අහිමිද??? ඔයා කෙල්ලෙක්නම් රතු කරපු තොල් වල උල් කරපු සපත්තු වල ඔයා පරිස්සම් කරන සමාජ තත්වෙට රබර් සෙරප්පු දාන මල් ගවුම් අදින කෙල්ලක් එක්ක කතා කරන එක මදි කමක් උනේ ඇයි??? ඒ ජිවිත වලට උරුම පැය 10 සේවා මුරේ, ඉඳිකටු, නූල්, අයන්, බොයිලේරු, පොලි බෑග්, හැගර්ස් විතරද???  ඒ අහිංසක හිත් වලට එබෙන්න කලින් මේ ගීතය අහල ඉන්න.... 


                                   

අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට..........

මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ...........

ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ.................

මේ වචන මගේ හිතේ හොල්මන් කරනවා... අපි උන්ගේ සමනළ හිත් වලට අහිංසක හීන වලට එබිකම් කළොත් ඒ ජිවිත විඳින දුක් වලින් සීයෙන් එකක්වත් අපි විදින්නේ නෑ.. ඒ අකලට පැහුණු හිත් වල තියෙන හයියෙන් දශමයක්වත් අපේ හිත් වල නෑ... බියගම කොග්ගල කටුනායක විතරක් නෙමෙයි පුංචි පුංචි තැන් වල වැඩට එන්නේ ගොඩක් වෙලාවට ගමේ හුලගින් හුස්ම ගත්තු ගමේ ඇලෙන් වතුර බීපු ළමයි... රට ජාතිය බේරගන්න තමන්ගේ අත පයට අන්තිම කැමැත්ත ලියලා එලියට බහින රත්තරං සොල්දාදුවෝ වගේම ඔත්පල වෙච්ච තාත්තා වාරු නැති අම්මා රැකගන්න තමන්ගේ ආත්ම ගෞරවයට දොර ගාව තියලා මේ සමනලියෝ ගෙදරින් එලියට බහිනවා... පලවෙනි පාර තෑගි බෝග එල්ලගෙන ගෙදර එනකොට අවට උන් දොරවල් වහගන්නවනන්, දුවම ගෙනත් දුන්න චීත්ත රෙද්ද පපුවට හිර කරන් තමන්ගෙම දුවගේ බඩ දිහා බලනවනං...ඒ අහිංසක ළමයි කොච්චර ලොකු කරුමයක් කරලා ඇත්ද?? ඇත්තටම වැරැද්ද කලේ පවුල බලාගන්න පැය ගණන් ජුකිය කරකවන ළමයිද?? නැත්තං පුර්ව නිගමන වල ඉදං පුරුදු මිනුම් දඩු වලින් මිනිස්සුන්ගේ ආත්ම වල දිග පළල මනින අපිද??? මේ සිංදුව අහල බලන්න.......


                                      


නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද
කෝල කොමළ නංගියේ නුඹ අතට ගත්ත මහබර කන්ද
අදහන්නට පුලුවන්ද ....

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පෑනෙන් කොහොම මේ පද ලියවුණත් ඒ පද කොච්චර හිතට දැනෙනවද???

දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...

මේ වචන අස්සේ හංගපු අර්ථය දිගහරින්නම හිතුණා සිංදුව ඇහුවට පස්සේ.. පුස් බැඳුනු ඉර හඳ වෙන කවුද වාරු නැති අම්මා තාත්තා මිසක.. ඉස්කෝලේ යවාගන්න විදියක් නැතුව අකුරු නොදන්නා සහෝදරයෝ...උයා පිහා ගන්න බැරි තරමට ගෙදර තත්වේ දරුණු වෙද්දී උගත් යැයි හිතා ගත් අමනුස්ස සමාජෙන් වෙඩි කන්න වෙන බව දැන දැනම ආත්ම ගෞරවේ ඔට්ටුවට තියලා ඉස්සරහට අඩිය තියපු සන්නාලියේ... උබ තරම් කවියක් කොහෙද තව.... 



දයාබර ඔබෙන් මං ඉල්ලීමක් කරනවා... ඒ හිත් අපේ හිත් වගේමයි..අහිංසකයි... ඒ හීන අපේ හීන වගේමයි...ලස්සනයි... රෙදි ඉදිකටු අස්සේ දියාරු වෙන ඒ අහිංසක හීන වලට අපේ ජිවිත පතොරමෙන් ඇදුම් කපලා අන්දන්න එපා.. අවස්ථාවක් ලැබුණොත් ඒ හිත් අස්සට එබෙන්න.. උන් රෑට කෑවද බිව්වද අදින්න ඇදුමක් තියනවද?? ලෝකෙන් මුවා වෙලා හවසට නාන්න ආවරණයක් තියෙනවද කියල අපිට හොයන්න බැරිනං උන් ගැන පුර්ව නිගමන වලට යන්න එපා.. වැඩි දෙනක් දුප්පත් උනත් නූගත් උනත් ඒ ළමයින්ටත් ආත්ම ගෞරවයක් තියෙනවා.... ඒ අයිතිය නැති කරන්න එපා!!!

අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්

එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්...

වික්ටර් මාස්ටර්ගේ මේ ලස්සන සිංදුවෙන් අපි කතාව ඉවර කරනවා!!!


 
                                      

කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ

සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ... 

Monday, June 22, 2015

මනස පාලනය

අපගේ සිතේ ඇති සම්පූර්ණ ශක්තියම අවදි කිරීමට එය ක්‍රමවත්ව පුහුණු කල යුතුයි. එහි පලමු පියවර ලෙස ඉහිල් කිරීම (Relaxation) පිලිබඳව මෙහිදී ලිවීමට අදහස් කරමි. මාංශ පේශියක ශක්තිය වැඩි කිරීමට දිගැදුම් අභ්‍යාස (Streaching) උදව් වන්නා සේම මේ අභ්‍යාස ඔබේ මනසේ ශක්තිය වැඩි කිරීමට හේතු වේ.

අපගේ සිත නිරතුරුවම පංචේන්ද්‍රයන් ගෙන් ලැබෙන සංවේදන බලාපොරොත්තුවෙන් සිටී මේ සංවේදන තුල ඇති තොරතුරු සකස් කිරීමට සහ අවබෝධ කරගැනීමට මනසේ ශක්තිය වැඩි වශයෙන්ම වැය වේ. මේ ශක්තිය ඉතිරි කර ගැනීමට නම් අපගේ සිත වහා හිස් කර ඉඩ ගැනීමට පුරුදු විය යුතුය. පැහැදිලිව සහ බුද්ධිමත්ව සිතීමේ හැකියාව දියුනු කරගැනීමටද මෙය උදවු වේ. තමා අවට ඇති දේ පාලනය කිරීමට සිතීමටත් පෙර තමාගේම සිත පාලනය කර ගැනීම අවශ්‍ය වේ.


භාවනා කිරීමට නිස්කලංක හුදකලා ස්ථානයක් තෝරාගන්න හැකිතරම් කෘතීම ශබ්ද වලින් තොර ස්ථානයක් සහ වේලාවක් තෝරා ගන්න. ස්වාභාවික ශබ්ද වන කුරුල්ලන්ගේ ශබ්ද, ජලය ගලා යන, සුලඟට අතු සෙලවෙන ශබ්ද කිසිවිටෙක ඔබට බාධාවක් නොවනු ඇත. ස්නානය කර පිරිසිදු වී අවශ්‍යනම් සැහැල්ලු ඇඳුමක් ද ඇඳගන්න. සැහැල්ලු ආහාරයක් ගෙන සිටීමද වැදගත් වේ. බර ආහාරයකින් කුස පිරී ඇති විට ශක්තිය බොහෝ වශයෙන් උදරයට ඇදගනී. එවිට හිසට අවශ්‍ය තරම් ශක්තියක් ලබා ගත නොහැකි වී විට නිදිමත ගතියක් ඇති විය හැක.

මුලින්ම, ඔබට ගත හැකි තරම් උපරිම හුස්මක් ඉහලට ඇද පුරවා ගන්න. ඉන් පසු ඉතා සෙමෙන් හුස්ම පිට කරන්න. පිට කරන හුස්ම සමඟ ශරීරයේ ඇති සියලුම වෙහෙස සහ ආතතිය සෙමෙන් පිට කරන්න. පිටවන හුස්ම පිලිබඳ සම්පූර්ණ අවධානය යොමු කරන්න. මෙය හැකි තරම් සෙමෙන් කරන්න. නමුත් ඉතා සෙමෙන් කිරීමට යාමෙන් සුලු වෙහෙසක් ඇති විය හැක. වෙහෙස ඇති වන්නේ පිටවන හුස්ම පිට වීමට නොදී තබා ගැනීමට යාමෙනි. හුස්ම නිදහසේ විට වෙන්නට හරින්න. වැදගත් වන්නේ එය තුල හැකි තරම් අවධානය රැඳවීමත් එය උපරිම අන්දමින් විඳගැනීමත් ය. දිගටම හුස්ම පිලිබඳ අවධානය රැඳවීම ඒ මත බැඳීමක් ඇති කර සිත හිස් කිරීමට බාධාවක් වීමට ඉඩ ඇත.

මීලඟට ඔබේ ශරීරය තුල අවධානය රඳවන්න. දෙපතුලේ සිට හිස් මුදුන දක්වාත් සම්පූර්ණ ශරීරයමත් අවධානයෙන් යුතුව විඳගන්න. දෙපතුලේ සිට හිස් මුදුන දක්වා ඉහලට ආලෝකයක් ගමන් කරන්නා සේ මනසින් දැකීම තවත් එක් ක්‍රමයකි.


මේ අවස්ථාවේදී ඔබේ ශරීරයේ සියලුම මාංශ පේශි හැකි තරම් ඉහිල් කරන්න. මනස පවතින්නේ මාංශමය ශරීරය තුලම නිසා ශරීරය ඉහිල් කිරීම මනස ඉහිල් කිරීමට පුහුණු වීමේදී ඉතා වැදගත් වේ. ඔබ සිටින ඉරියව්වෙන් සිටීමට අත්‍යාවශ්‍ය වන තරමට පමණක් පේශි වලට බලය සපයන්න. අනෙක් සියලුම පේශි ඉහිල් කරන්න. ඔබට පහසුම ඉරියව්වක් තෝරාගැනීම වැදගත් වන්නේ මේ නිසාය. සැතපෙන ඉරියව්ව හැර ඕනෑම ඉරියව්වක් සුදුසුයි. පාද වලට කිසියම් හෝ අපහසුවක් දැනේනම් පුටුවක වාඩි වී භාවනා කිරීම සුදුසුයි. පුටුවක් තෝරාගැනීමේදී හැකි තරම් ස්වාභාවික අමුද්‍රව්යයන්ගෙන් නිපදවූ ලෝහ කොටස් නොමැති පුටුවක් තෝරා ගන්න.

ඔබේ සිතේ ඇති සියලුම සිතිවිලි ඉවත් කරන්න. සිතට ඇතුලු වන කිසිම සංවේදනයක් බාරගැනීමෙන් වැලකී සිටීමට උත්සාහ ගන්න. සිත හිස් කිරීමෙන් ඇති වන විශාල හිස් ඉඩ (void) විඳගන්න. නමුත් ඒ තුල ඇති විඳගැනීම වචන වලට නැඟීම හෝ ඒ ගැන සිතීම සිත හිස් කිරීමට බාධා කරයි. "මෙය ඉතා පහසුයි" යැයි ඔබට සිතේ නම් එම සිතුවිල්ල ඇති වීමම ඔප්පු කරන්නේ සිත සම්පූර්ණයෙන් හිස් වී නොමැති බවයි.

සිත සම්පූර්ණයෙන්ම හිස් කිරීම ඉතා අපහසු සහ බොහෝ කාලයක් පුහුණු කල යුතු එහෙත් තත්පර කිහිපයකට වඩා පවත්වාගත නොහැකි මනසේ තත්වයකි. නමුත් ඒ සඳහා උත්සාහ ගෙන හැකි තරම් මනස හිස් කිරීමම්ම ජයග්‍රහනයක් ලෙස සලකන්න.

සිත සම්පූර්ණයෙන් හෝ බොහෝ වශයෙන් හිස් වූ විට ශුන්‍ය ගුරුත්වය තුල නිදහසේ පහලට වැටෙන ලෙස හෝ ඔන්චිල්ලාවක පහලට පැද්දෙන විට දැනෙන සංවේදනය ආකාරයේ සංවේදනයක් ඉතා කෙටි කාලයක් තුල දැනේ. සුරන්තයට (orgasm) පැමිනීමෙන් පසුව ඇති වන සංවේදනයද මීට බොහෝ සමානය.