Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 16, 2015

ගොධිමාල් බිහිසුණු සත්ව ඝාතනය

නේපාලයේ "ගොධිමාල්" බිහිසුණු සත්ව ඝාතනය ( බිලි පූජාව ) නිසාද නේපාලයේ පොළව කම්පා වෙන්නේ වුනේ  !
කර්මය අනුව ඔව් නමුත් විද්‍යත්මකව නැහැ...


දිනය 2015 අප්‍රේල් මස 25 වනදාය.වෙනදා මෙන් උදෑසන තම වැඩකටයුතු ආරම්භ කළ  නේපාල වැසියන් තවත් සුළු මොහොතකින් ඔවුන්ට සිදුවීමට නියමිතව තිබු ඛේදවාචකය ගැන හාන්කවිසියක් නොදැන සිටියාය.මහපොළව මහ හයියෙන් හෙලවෙද්දී,මහා ගොඩනැගිලි,පාසල්,ගෙවල් දොරවල් බිමට සමතලා වෙද්දී එම සුන්බුම් මැදට යටවී අසරණ ජිවිත විශාල සංඛ්‍යාවක් අවසන් හුස්ම වාතලයට එක් කලේය.














ලාංකීය ලෙස අප මේ සිදුවීමට වඩා සංවේදී වන්නේ නේපාලය අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ උපන් බිම වන නිසයි.මෙම භූකම්පනයෙන් බුදුන් උපන් ලුම්බිණියට කිසිදු හානියක් සිදුවී නැත.මෙම භුකම්පනයට හේතුව කර්ම පල දීමක් විය යුතුමය.ඒ මේ බුදුන් උපන් දේශයේ වසර පහකට වරක් පැවැත්වෙන බිළි පුජාවක් හේතු කොට ගෙනය.
දෙවියන් සතුටු කිරීම සදහා පැවැත්වෙන මේ උත්සවය සෑම වසර පහකට වරක්ම නේපාල දේශසිමාව ආසන්නයේ පැවැත්වෙන අතර එහෙදි දෙවියන් සතුටු කිරීමේ අදහසින් බැතිමතුන් මී ගවයන්,එළුවන් මෙන්ම පක්ෂින්ද විශාල ප්‍රමාණයක් ඝාතනය කරනු ලබනවා.
මේසදහා බැතිමතුන් මිලියන 2.5 ආසන්න ප්‍රමාණයක් සහභාගී වී අහිංසක සතුන් 250000ක් පමණ ඝාතනය කර තිබෙනවා.අසල්වාසීන්ගේ තරම් නැතත් නේපාලයේ මිලියන 25ක් පමණ හින්දු ජාතිකයන් ඇත.ඉන්දියාවේ ගවයන් පුජනිය වස්තුවක් ලෙස සැලකුවත් මි ගවයන්ට මේ ආකාරයට සැලකීම පුදුමයකි.




ගවයන්ට පමණක් නෙමෙයි , සියලුම සතුන්ට මේ ලෝකේ සමසේ ජීවත් වීමට අයිතිය තිබෙනවා. සතෙකුගේ ලේ දැක ඔබේ දෙවියන් සතුටු වෙනවනම් ඔබේ ලේ දකිමෙනුත් එම දෙවියන් සතුටු වනු ඇත. ලෙයින් සතුටු වන දෙවියන් ඇත්තටම දෙවි කෙනෙක්ද? තවත් සතෙකු මරා ඔබේ ජිවිතයට සතුටක් අවශ්‍යද?

















බුදුන් උපන් දේශය වෙලත් නේපාලේ මිනිසසු  මේ වගේ මිත්‍යා දෘෂ්ටි වල ඉන්නවනේ.
සොභ දහමට ආදරය කිරීම අත්‍යවශ්‍ය. මිනිසුන්ව මේ ලෝකෙට ගෙනාවේ සොභ දහම. එම නිසා මිනිසුන් සොබා දහමට හිංසා කළහොත් සොබා දහම විසින් එයිට වඩා එම මිනිසුනට හිංසා කරනු ලැබේ. සියලුම සත්වයින්, ගහ කොළ, වතුර, මහ පොළව ...... සියලු දේ සොබා දහමට අයත් මිනිසෙකු මේ ලොවට ඉප දීමට මේ සියලුම දෙවල් මැදිහත් වෙනවා.
මිනිසෙකුට කිසිම අයිතියක් නැහැ සතෙකුට කිසිම අයුරකින් හිංසා කිරීමට. සොබා දහමට ආදරය කරන මිනිසුන් සොබා දහම විසින්ම පාලනය කරන අතර ආගමට, සංස්කෘතියට තමාගේ ආත්මාර්ථයට, තමාගේ ජිවිතය ආරක්ෂා කිරීමට සොබා දහමට හිංසා කිරීම බරපතල ඛේදවාචයකට බල පා හැක. එම නිසා මෙවැනි සත්ව ඝාතනය කිරීම බර පතල කලකිරීමක් වේ. මිනිස්සු වශයන් අපි සැවොම ගහ කොළ සතා සිවුපාවුන්ට ජලයට මහපොළවට ආදරය කිරීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොකරන්නේ නම් එවැනි මිනිසුන්ගෙන් කිසිම ඵලක් නොමැත. මේ පිලිබඳව සංකෘතිකව, ආගමිකව හෝ මොනයම් ක්‍රමයකින් මිනිසුන්ව හුරු කළ යුතුය. මගේ ප්‍රර්ථනය කිසිම සතෙකු මිනිසෙකු විසින් ඝාතනය නොකෙරවා යන්නය ......... මේ ලෝකේ සියළුම දේට වඩා ප්‍රභලම දේ සොභා දහමේ මැදිහත් වීමය.



ජීවමාන භාග්‍යය වතුන් වහන්සේගේ සිරිපතුල් වල මුදු පහස තවමත් දඹදිව පොළෝ තලයේ තිබුණ කාලෙත් ඒ දඹදිව සමහරුන් බිලි පූජා කරමින් ප්‍රමාදවෙමින් පාපී අකුසලයේම ඇලිලා හිටියා. දැන් ඒ අය නිරයේ වැටිලා රත්වුණු යකඩ ගුලි ගිලිමින් "අනේ අපට වෙච්ච දේ" කිය කියා පසුතැවෙනවා ඇති. මිහිරි වූ ආර්යයන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මය අඳුරගන්න අදක්ෂකම කියලා තමා මේකට කියන්න තියෙන්නේ. අපේ රටේ මිනිස්සුත් පන්සිල් වලින් ඈත් වෙලා ශ්‍රද්ධාවෙන් ඈත්වෙලා පාර කපා ගන්නේ මෙන්න මේ වගේ රටක් දිහාට තමා. ආගමට ධර්මයට ආදරයක් නැති ගෞරවයක් නැති අනාගත පරම්පරාවකින් වෙන මොනවා වෙන්නද?

මේ සිංදුවත් අහලා යන්න....



කමෙන්ට් එකක් දාලම යමු .

1 comment:

  1. දෙවියන් ලෙයට කැමැත්තක් ඇත්තෝ නම් උන් යකුන්මය .මේ දෙවියන්ටවත් යකුන්ටවත් යහපත් මිනිසුන්ට කල හැකි ලබ්බක් නැත .

    ReplyDelete