Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 16, 2015

අභිනික්මන.........



මාව අමතක කරලන්න, මෙයයි නුඹගෙන් සමුගැන්ම.
නුඹ ජිවත් විය යුතුයි, මා නොමැතිව.
මෙයයි නුඹගේ සංචාරය,මෙයයි නුඹගේ මාර්ගය.
නුඹ ජිවත් විය යුතුයි, මා නොමැතිව.
සියළු කීර්තිය නුඹට ලැබේවායි,මාගේ ප්‍රාර්ථනය.
නුඹට සියළු වරප්‍රසාද ලැබේවායි,මාගේ ප්‍රාර්ථනය.
නමුදු ඔබ ජිවත් විය යුතුය මා නොමැතිව.
ඒ නිසා මාව අමතක කරලන්න මෙයයි නුඹගෙන් සමුගැන්ම...

නුඹමයි නුඹගේ ඉවුර ,නුඹමයි නුඹට  සරණ.
නුඹමයි හෙට දිනයේ ගීය,නුඹමයි හෙට දිනයේ පුවත.
තමන් ගැන විශ්වාස කරනු, වන්න නුඹගේම දෙවියන්.
බැස යන්නාවූ සවස් යාමය වෙමි මා.නුඹයි නැවුම් උදැසන.
නුඹ ජිවත් විය යුතුයි මා නොමැතිව.
නමුදු,නුඹ ජිවත් විය යුතුයි මා නොමැතිව.

වත්සාන කාලය පිබිදෙන්නා වූ  තැන,
නුඹට මා එහි සොයා ගත හැකියි.
අපගේ පක්ෂපාතිත්වය ඇති තැන
නුබට  එහෙදි මා ලබා ගත හැකියි.
එලෙස මා නුඹ හමුවනම්,
එයයි මා පොරොන්දුව සැමදා නුඹ සමග හිදින්නම්,
එයයි මා පොරොන්දුව.
නමුදු,
ඔබ ජිවත් විය යුතුය මා නොමැතිව .....


කමෙන්ට් එකක් දාලම යමු .

No comments:

Post a Comment