Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, June 18, 2015

සුපෙම් හැඟුම් ඔබෙන් එපා


ගීතයට හඬ මුසු කරන්නේ ප්‍රදීපා ධර්මදාස සමඟින් ලක්ෂ්මන් විජේසේකරයන්ය. ගීතය අප වෙත ගෙන එන්නේ සාමාන්‍යෙයන් අප අත්විඳින සිදුවීමකි. ඒ මිතුරු පෙමයි. පාසැලේ සරසවියේ සිට දක්නට ලැබෙන මිතුරු පෙම බොහෝ විට තාවකාලිකය. තම මිතුරියක් කෙරෙහි ප්‍රේම හැඟීමක් ඇති වී නොදැනීම මිතුරුකම වෙනත් අන්තයක් කරා යයි. බොහෝ විට ඇයගේ සිත් ඇදගන්නා රූ සපුවට වශී වී හෝ වෙනත් විශේෂ ලක්ෂණයකට ආකර්ෂණය වී මිතුරුකම මිතුරු පෙමක් දක්වා යයි. නමුත් පෙමක් ඇති වූ පමණින් එය විවාහයෙන් අවසන් නොවනු ඇත. විවාහය කරා යන කල සමාජය විසින් බාධක වැට කඩුළු රැසක් ඉදිරිපත් කරයි. බොහෝ විට සමාජ තත්ත්වය, පවුල් පසුබිම වැනි දෑ මෙයට බලපායි. එවන් තත්ත්ව මත මෙහි කථානායකයා හා කථානායිකාව අතර විශාල පරතරයක් ඇත. පෙම යනු හදවතට බැඳුනු දෙයකි. එවන් මතකයන් හදවතින් මැකිය නොහැක. එහෙයින් අප අතරේ මිතුරුදමට එහා ගිය පෙමක් ඇතිකර ගැනීම නුසුදුසු බව ඇය පවසයි.

මහ සයුරේ පාවෙන නෞකාවක් හට ගොඩබිමේ ඇති ප්‍රදීපාගාරයක් දර්ශනය වුවද කවදාවත් නෞකාවට පහන් කණුව වෙත යාත්‍රා කිරීමට නොහැකිය. එනම් කිසිදාක එක්වීමක් සිදු නොවේ. කළ හැක්කේ ඈත සිට බලා හිඳීම පමණි.තරු එළිය එතරම් ප්‍රභල නොවේ. එම එළියෙන් මඟ හරි හැටි සොයාගෙන යාම අපහසුය. එසේම මා ද හරිහැටි මඟක් නොදැන මේ දුරු ගමන තනිවම යමි. මට ඔබේ අලෝකය ලැබුණද මා යා යුත්තේ දියඹටය. ගොඩබිම සිටින ඔබ වෙත පැමිණිය නොහැකිය. එබැවින් අපේ සිහිනය මෙලෙසම මිය යා යුතුය.
නමුත් එසේ සිහිනය මිය යාමට ඉඩ දිය හැකිද. අතීතය නැවත නැවතත් සිහියට නැගෙයි. එම මතකයන් තුළ සැඟවී තනිවම දුකට තුරුළු වී සිටිමි. ඒ සොඳුරු දසුන ඉතා මනරම්ය. යළිත් ඔබ දැක ගැනීමටම මඟ බලා සිටිමි........

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩ බිමේ ...

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

දිවයොරු සැඟවෙන මොහොතක තනි වී
ඉකි බිඳිනෙමි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්














කමෙන්ට් එකක් දාලම යමු .

No comments:

Post a Comment