Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, June 14, 2015

මාගේ උමතුව නුඹ පමණයි

යම්කිසි කාල සීමාවකට පසු නැවතත් අපි වරක් පසුකල පරිධිය ලක්ෂ්‍යකට පැමිණීමට සිදුවේ.චලිතය සිදුවන්නේ කේන්ද්‍රය නම් මධ්‍ය ලක්ෂ්‍යක් පදනම් කරගෙනය.මම නැවතත් පෙර පසුකල ලක්ෂ්‍යකට පැමිණ සිටිමි.

පෙර දිනක මෙන්ම අදද එය හිත ගිනි අවුලුවයි.
දුක පිරුණු අපමණ පරිභ්‍රමණ වාර සහ ගෙවා දැමුණු දුර අමතක කර,
පාසල් කාලයේ හත වසරේ සිට එකොළහ වසර දක්වා සිටි ,
අහිංසකව  හිනාවෙන (වැඩිය උස නැති) කෙල්ලට,
තවමත් සිත පෙම් බඳින හැටි…!

                         

දැන් මා හට නුඹ නොමැතිව සිටිය නොහැකියි.
නුඹ නොමැතිව මාගේ පැවතීම කුමක්ද?
නුඹගෙන් දුරස් වීමෙන් සිදු වන්නේ මා,
මාගෙන්ම වෙන්ව යාමය .
මොකද නුඹ පමණයි,
දැන් නුඹ පමණයි.
ජීවිතය දැන් නුඹ පමණයි.
මාගේ සැනසුමද,
මාගේ වේදනාවද ,
මාගේ උමතුවද නුඹ පමණයි.

නුඹගේ මාගේ සම්බන්ධය එවැනිය,
මොහොතක දුරස් වීමක්ද සිදුවිය නොහැක.
නුඹ වෙනුවෙන්මය මා නිතරම ජිවත් වුයේ.
මාගේ සියළු කාලයන් මා නුඹට දුන්නෙමි.
නුඹ නොමැති මාගේ කිසිම මොහොතක් නොවේ
හැම හුස්මකම ඇත්තේ නුඹගේ නමයි.මොකද නුඹ පමණයි,
දැන් නුඹ පමණයි.
ජිවය මාගේ දැන් නුඹ පමණයි.
මාගේ සැනසුම මෙන්ම වේදනාවද,
ඒ වගේම මාගේ උමතුවද නුඹ පමණයි.

නුඹ වෙනුවෙන්මය මා ජිවත් වුයේ.
මාද නුඹට පරිත්‍යාග කලෙමි.
නුඹගේ පක්ෂපාතිබවයි මම බලාපොරොත්තු වන්නේ.
සියළු වේදනා හදින් පිටමන් කලෙමි.
නුඹ සමගයි මාගේ ජීවිතය බැදී ඇත්තේ.
නුඹ ලබා ගැනීමෙනුයි මා සම්පුර්ණ වන්නේ.
මොකද ඒ නුඹ පමණයි.
මාගේ ජිවය නුඹ පමණයි.
සැනසුමත්, වේදනාවත්
මාගේ උමතුවත් නුඹම පමණයි.
මොකද දැන් නුඹම තමයි
මගේ හදේ ඉන්නේ,
දැන් නුඹම පමණයි.
ජිවය දැන් නුඹම පමණයි
වේදනාව,සැනසුම
මාගේ උමතුව දැන් නුඹම පමණයි.






කමෙන්ට් එකක් දාලම යමු .

No comments:

Post a Comment