Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, June 22, 2015

මනස පාලනය

අපගේ සිතේ ඇති සම්පූර්ණ ශක්තියම අවදි කිරීමට එය ක්‍රමවත්ව පුහුණු කල යුතුයි. එහි පලමු පියවර ලෙස ඉහිල් කිරීම (Relaxation) පිලිබඳව මෙහිදී ලිවීමට අදහස් කරමි. මාංශ පේශියක ශක්තිය වැඩි කිරීමට දිගැදුම් අභ්‍යාස (Streaching) උදව් වන්නා සේම මේ අභ්‍යාස ඔබේ මනසේ ශක්තිය වැඩි කිරීමට හේතු වේ.

අපගේ සිත නිරතුරුවම පංචේන්ද්‍රයන් ගෙන් ලැබෙන සංවේදන බලාපොරොත්තුවෙන් සිටී මේ සංවේදන තුල ඇති තොරතුරු සකස් කිරීමට සහ අවබෝධ කරගැනීමට මනසේ ශක්තිය වැඩි වශයෙන්ම වැය වේ. මේ ශක්තිය ඉතිරි කර ගැනීමට නම් අපගේ සිත වහා හිස් කර ඉඩ ගැනීමට පුරුදු විය යුතුය. පැහැදිලිව සහ බුද්ධිමත්ව සිතීමේ හැකියාව දියුනු කරගැනීමටද මෙය උදවු වේ. තමා අවට ඇති දේ පාලනය කිරීමට සිතීමටත් පෙර තමාගේම සිත පාලනය කර ගැනීම අවශ්‍ය වේ.


භාවනා කිරීමට නිස්කලංක හුදකලා ස්ථානයක් තෝරාගන්න හැකිතරම් කෘතීම ශබ්ද වලින් තොර ස්ථානයක් සහ වේලාවක් තෝරා ගන්න. ස්වාභාවික ශබ්ද වන කුරුල්ලන්ගේ ශබ්ද, ජලය ගලා යන, සුලඟට අතු සෙලවෙන ශබ්ද කිසිවිටෙක ඔබට බාධාවක් නොවනු ඇත. ස්නානය කර පිරිසිදු වී අවශ්‍යනම් සැහැල්ලු ඇඳුමක් ද ඇඳගන්න. සැහැල්ලු ආහාරයක් ගෙන සිටීමද වැදගත් වේ. බර ආහාරයකින් කුස පිරී ඇති විට ශක්තිය බොහෝ වශයෙන් උදරයට ඇදගනී. එවිට හිසට අවශ්‍ය තරම් ශක්තියක් ලබා ගත නොහැකි වී විට නිදිමත ගතියක් ඇති විය හැක.

මුලින්ම, ඔබට ගත හැකි තරම් උපරිම හුස්මක් ඉහලට ඇද පුරවා ගන්න. ඉන් පසු ඉතා සෙමෙන් හුස්ම පිට කරන්න. පිට කරන හුස්ම සමඟ ශරීරයේ ඇති සියලුම වෙහෙස සහ ආතතිය සෙමෙන් පිට කරන්න. පිටවන හුස්ම පිලිබඳ සම්පූර්ණ අවධානය යොමු කරන්න. මෙය හැකි තරම් සෙමෙන් කරන්න. නමුත් ඉතා සෙමෙන් කිරීමට යාමෙන් සුලු වෙහෙසක් ඇති විය හැක. වෙහෙස ඇති වන්නේ පිටවන හුස්ම පිට වීමට නොදී තබා ගැනීමට යාමෙනි. හුස්ම නිදහසේ විට වෙන්නට හරින්න. වැදගත් වන්නේ එය තුල හැකි තරම් අවධානය රැඳවීමත් එය උපරිම අන්දමින් විඳගැනීමත් ය. දිගටම හුස්ම පිලිබඳ අවධානය රැඳවීම ඒ මත බැඳීමක් ඇති කර සිත හිස් කිරීමට බාධාවක් වීමට ඉඩ ඇත.

මීලඟට ඔබේ ශරීරය තුල අවධානය රඳවන්න. දෙපතුලේ සිට හිස් මුදුන දක්වාත් සම්පූර්ණ ශරීරයමත් අවධානයෙන් යුතුව විඳගන්න. දෙපතුලේ සිට හිස් මුදුන දක්වා ඉහලට ආලෝකයක් ගමන් කරන්නා සේ මනසින් දැකීම තවත් එක් ක්‍රමයකි.


මේ අවස්ථාවේදී ඔබේ ශරීරයේ සියලුම මාංශ පේශි හැකි තරම් ඉහිල් කරන්න. මනස පවතින්නේ මාංශමය ශරීරය තුලම නිසා ශරීරය ඉහිල් කිරීම මනස ඉහිල් කිරීමට පුහුණු වීමේදී ඉතා වැදගත් වේ. ඔබ සිටින ඉරියව්වෙන් සිටීමට අත්‍යාවශ්‍ය වන තරමට පමණක් පේශි වලට බලය සපයන්න. අනෙක් සියලුම පේශි ඉහිල් කරන්න. ඔබට පහසුම ඉරියව්වක් තෝරාගැනීම වැදගත් වන්නේ මේ නිසාය. සැතපෙන ඉරියව්ව හැර ඕනෑම ඉරියව්වක් සුදුසුයි. පාද වලට කිසියම් හෝ අපහසුවක් දැනේනම් පුටුවක වාඩි වී භාවනා කිරීම සුදුසුයි. පුටුවක් තෝරාගැනීමේදී හැකි තරම් ස්වාභාවික අමුද්‍රව්යයන්ගෙන් නිපදවූ ලෝහ කොටස් නොමැති පුටුවක් තෝරා ගන්න.

ඔබේ සිතේ ඇති සියලුම සිතිවිලි ඉවත් කරන්න. සිතට ඇතුලු වන කිසිම සංවේදනයක් බාරගැනීමෙන් වැලකී සිටීමට උත්සාහ ගන්න. සිත හිස් කිරීමෙන් ඇති වන විශාල හිස් ඉඩ (void) විඳගන්න. නමුත් ඒ තුල ඇති විඳගැනීම වචන වලට නැඟීම හෝ ඒ ගැන සිතීම සිත හිස් කිරීමට බාධා කරයි. "මෙය ඉතා පහසුයි" යැයි ඔබට සිතේ නම් එම සිතුවිල්ල ඇති වීමම ඔප්පු කරන්නේ සිත සම්පූර්ණයෙන් හිස් වී නොමැති බවයි.

සිත සම්පූර්ණයෙන්ම හිස් කිරීම ඉතා අපහසු සහ බොහෝ කාලයක් පුහුණු කල යුතු එහෙත් තත්පර කිහිපයකට වඩා පවත්වාගත නොහැකි මනසේ තත්වයකි. නමුත් ඒ සඳහා උත්සාහ ගෙන හැකි තරම් මනස හිස් කිරීමම්ම ජයග්‍රහනයක් ලෙස සලකන්න.

සිත සම්පූර්ණයෙන් හෝ බොහෝ වශයෙන් හිස් වූ විට ශුන්‍ය ගුරුත්වය තුල නිදහසේ පහලට වැටෙන ලෙස හෝ ඔන්චිල්ලාවක පහලට පැද්දෙන විට දැනෙන සංවේදනය ආකාරයේ සංවේදනයක් ඉතා කෙටි කාලයක් තුල දැනේ. සුරන්තයට (orgasm) පැමිනීමෙන් පසුව ඇති වන සංවේදනයද මීට බොහෝ සමානය.

No comments:

Post a Comment