ඔයා වගේම මමත් කතා කරනවානේ. බලන්න ඔයා මාත් එක්ක කතා කරද්දී, ඔයා ආදරේ කරන කෙනාට කතා කරද්දී කොච්චර වෙනස්ද කියලා. කටින් විතරක්ම නෙවේ. අපි ආදරේ කරද්දී ඇස් වලිනුත් කතා කරනවා.
ඔයා ආදරේ කරද්දී, ආදරේ කරන කෙනා ලඟ ඉද්දී ඔහුට තියෙන බැදීම එක වචනෙකින්වත්කතා නොකර ඔයා හරිම පැහැදිලිව, සරලව ඔයාගේ ඇස් දෙකෙන් කියනවා. ඒ හැම දේම ඔයාගේ ආදර වන්තයාගෙන් හෝ ආදර වන්තියගෙන් ලැබෙනවා.. ඔයාලා හමුවෙන මොහොතෙදීම මුලින්ම දකින තප්පරේ ඉදලා කටින්{මුවින්} කතා නොකලට හදවතේ තියෙන හැම බැදීමක්ම, සිතුවිල්ලක්ම ඔයා එයත් එක්ක සුහඳව හුවමාරු කර ගන්නවා ඔයාගේ ඇස් දෙකෙන්. ඇස් දෙක ඔයාට මේ ස්භාවධර්මය තෑගී කරලා තියෙන්නේ බලන්න විතරක්ම නෙවේ. හරිම සංවේදිව, අවංකව අපිට හමු වෙන අයත් එක්ක අදහස් හුවමාරු කර ගන්න පුළුවන් සන්නිවේදන ඉන්ද්‍රියක් කරලා.
ඔයාට මම පුංචි දෙයක් කියන්නම්. ඔයාට කෙනෙක් එක්ක කතා කරද්දී.. ඇත්තටම එයා ඔයාට ඇත්ත කතා කරනවද, අවංක වෙනවද, අව්‍යාජද කියලා හොයා ගන්න එක හරිම ලේසියි. ඔයා දන්නවද හොරයක්, බොරුවක්, වංචාවක් ඔයා වෙනුවෙන් කෙනෙක් හිතේ තියාගෙන කතා කරනවා නම් කොච්චර හිනා වෙලා කටින් කතා කලත් එයාට ඔයාගේ ඇස් දෙක දිහා බලලා කතා කරන්න බැරි වෙවි. ඔයා වුණත් ඒ අපහසුතාවයට පත් වෙයි.
මේක හරිම ලස්සන පාඩමක්. ඔයා ජීවිතේදි ඔයාට හමු වෙන හැම කෙනෙක්ටම සුහඳ වෙන්න. කතා කරන දේ ඔයාගේ මුලු හදවතින්ම කතා කරන්න. එයාගේ දෑසට එබෙන්න. කටින් කතා කරන හැම වචනෙම ඔයාගේ ඇස් දෙක හරහද එයාට ලැබෙන්න සලස්වන්න. ඒක ඔයාට වගේම එයාටත් ලොකුම ලොකු ආශිර්වාදයක් වෙවි. ඔයාට ලොකුම ලොකු පහසුවක් දැනේවී. කරන හැම දෙයක්ම සැහැල්ලුවෙන් දැනේවී.
ඔයා මේ ගතිගුණ කෙටි කාලයකට සීමා කරන්න එපා. ඔයා ආදරේ කරන කාලෙදී ඔයාගේ ආදර වන්තයාට හෝ වන්තියට කටින් කතා කලා වගේ, ඇස් වලින් කතා කලා වගේම වියපත් වුණහමත් ඔයාගේ මහත්තයාට ඒ විදියට කතා කරන්න. සුහඳ වෙන්න. ඒ ඇමතීම සුන්දර වෙවි. මුළු ජීවිත කාලය පුරාම ඔයා නැවුම් දිනක් ගෙවාවි. ඔයා විතරක් නෙවේ.. ඔයා වටේ ජීවත් වෙන අයත් මේ වෙනසට හුරු වෙවි. ඔයා කරප් ඒ පුංචි වෙනසින් ජීවිත ගණනකගේ ජීවිත වලට ලොකු වෙනසක් ගෙන්නඔයාට පුළවන් වේවී. මන්ද යත් බුදුන් වහන්සේ එදා කරපු අනිමිස පූජාවේ ආනිසංසයෙන් අවුරුදු 2600 ක් වෙලත් ජය ශ්‍රී මහ බෝධිය අදටත් දළු දානවා.
ගහ කොළ මල් කදු වැටි නිසොල්මනේ අසා සිටිනවා..
අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ
දෑස් වලින් කතා කරමු..
රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ
රැයේ – අඳුරේ ඒ මීවිත මටයි
එවිට ඔබට කතා නෑ – රහසේ
දෑස් වලින් කතා කරමු..
සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ
ඹබේ – සෙවනේ මා ගී හඬ ගොළුයි
මුවට වදන් මතක නෑ – රසසේ
දෑස් වලින් කතා කරමු….
ගහ කොළ මල් කදු වැටි…
Tuesday, June 23, 2015
අම්මා
මම ඔයාට පොඩි කතාවක් කියන්නයි සුදානම් වෙන්නේ... ඔයාගෙන් මම කාරුණික ඉල්ලීමක් කරනවා... ඔයාගේ අවිවේකී ජිවිතයෙන් මිනිත්තු 10 ක් 15ක් මේ කතාවට වෙන් කරන්න බැරිනම් මේක මෙතනින් කියවන එක නවත්තන්න... පස්සේ වෙලාවක කියවන්න..
ඔයාට කාලය තියෙනවානං දැන් කතාව පටන් ගමු...
රබාන කිව්වොත් ඔයාට මට මැවෙන්නේ එකම රූපයක්... කතුර කිව්වොත් ඒත් එහෙමයි..අම්මා කිව්වොත්... ඔයාටත් මටත් මැවෙන්නේ රූප දෙකක්...මේ වචන තුනේම තියෙන්නේ සිංහල හෝඩියේ අකුරු තුනක්...එත් “අම්මා” වචනේ ඔයාට දැනෙනවා වැඩියි නේද? මේ කතාව කියවන තිරය උඩට ඒ රත්තරං අම්මගේ රූපේ ඇඳගන්න මම ඔයාට ආරාධනාවක් කරනවා... ඔයාගේ අම්මා, සුදු උනත්.. කළු උනත්.. උස උනත්.. මිටි උනත්.. මහත උනත්.. කෙට්ටු උනත්...ඒ ඔයාගේ අම්මා.... තිරය උඩ ඔයා මේ දකින්නේ ඔයාගේ දැන් අම්මා නේද? කෙහෙ සුදු වෙච්ච අම්මා... මුණ ටිකක් රැළි වැටුන අම්මා...ටිකෙන් ටික ඒ මුහුණ තරුණ කරමුද?? මම දන්නවා එහෙම කරනකොට ඔයා ඉබේම පොඩි වෙනවා... ඔයාව ඇවිද්දපු අම්මා...ඔයාට කිරි සුවද දුන්නු අම්මා... ඔයාව බඩ ඇතුලේ හංගගෙන හෙමින් ඇවිද්ද අම්මා...වමනේ යන බව දැන දැන ඔයාට නේද කියල හිතලා කෑම කාපු අම්මා.... ඔව් ඔයාගේ අම්මා... ඔයාව බිහිකරන දවසේ වින්ද වේදනාව...හරියට එක පාරකට ඇගේ අස්ථි 10ක් 12ක් කැඩෙනවා වගේ කියලා මම අහල තියෙනවා...ඔයා කන්තාවක් නම් ඒ වේදනාව ගැන ආඩම්බර වෙන්න... ඔයා පිරිමි කෙනෙක් නම් ඒ වේදනාව විදින්න හිතන්නවත් එපා...මොකද වේදනාවක් විදින්න හයිය හිතක් විතරක් මදි...ඒකට ලොකු ආත්ම විශ්වාසයක් ඕන... ගෑනු හදවතක තියෙන ඒ විශ්වාසෙන් දහයෙන් පන්ගුවක්වත් පිරිමි හිතක නෑ..........ඔයාගේ තරුණ අම්මා හරි ලස්සනයි නේද?? ඇත්තටම මේ වෙලාවේ ඒ මුණ මතක් කරන මේ සින්දුව අහන්න....
සින්දුව අහුවනං ඒ වචන ටික අස්සේ මේ පපුවේ පතුලටම කිඳා බහින පද පේලි ටිකක් ඇහුනද?
“අම්මා යන සමාධියට හිදිමි සමවැදී - ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී..”
“සිව් බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ - ඔබ දුටු විට මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ.. ”
අම්මත් එක්ක ගත කරපු සුන්දරම කාලේ මතකද? ඔයත් එක්ක ඉස්කෝලේ ගියපු...සමහර විට ඔයාගේ පුංචි පොතෙන් ජිවිතේ පළමු වතාවට අකුරු කියවපු.......අහිමි වුන එයාගේ හීන පොදිය ඔයාගේ කකුල් දෙක පාමුල තියල කැමති එකක් ඇහිඳලා ගනිං කියපු අම්මා....තාත්තට කේලම් කියන අම්මා...ගුටියක් දෙකක් දීල රෑට ඇවිත් තෙල් ගාන අම්මා....දුකකට අසනීපෙකට ඔයා ළගින් හෙලවුනේ නැති අම්මා...ඔයා කාන්තාවක් නම් මල්වර උන දා පටන් හැමදාම ඔයාව පරිස්සං කරපු අම්මා... ඔයා පිරිමි කෙනෙක් නම් ලොකු මහත් වෙන ඔයාගෙන් පරිස්සම හොයපු අම්මා....සමහර විට දරුවන්ගේ පපුව අස්සේ හුරතල් වුන අම්මා....අලුත් කාලේ උනත් ඒ හුරතල් අම්මා ඉන්නවා මේ සිංදුවේ... අහලම බලන්න....
“තාමත් අත අල්ලලා...පාරෙත් හුරතල් වෙලා...ඈටත් මුළු ජීවිතේම මං වෙලා....”
අන්තිම වචන දැනෙනවා ගොඩක් හිතට...නිකමට හිතල බලන්න ඔයාගේ ෆෝන් එකට එන අම්මගේ දුරකථන ඇමතුම් කීයක් විසන්ධි කරලා තියෙනවද???සමහර විට ඔයා අසම සින්දුව අහන වෙලාවක අම්මගෙන් එන ඇමතුම..ඔයා පෙම්වතිය එක්ක ඉන්නකොට එන ඇමතුම...කීයක්ද?? ඒ හැම වතාවකම ඒ රත්තරං අම්මගේ හිත කොච්චර පෑරෙනවද කියල නිකමට හිතුවද?? ඔයාගේ කට හඬ එයාට තවත් එක හඩක් නෙමෙයි... උදේ ඇහැරුණාම අහන ජය පිරිත තරම් නිදියන්න අහන මහ පිරිත තරං කියලා හිතාගෙන ඔයාට කතා කරන්නේ...එත් මුකුත් නොකිය විසන්ධි කලහම... මම ඔයාගෙන් ඉල්ලීමක් කරනවා..එහෙම කරන්න එපා ආයෙත්...ඔය කටහඩින් කියන්න “අම්මා..මම පොඩ්ඩකින් ආයේ කතා කරන්නං ” කියල..අම්මා කියයි. “හදිස්සියක් නෑ පුතේ...පරිස්සමින් ඉන්න..” කියලා... ඒ ආදරෙන් පන්ගුවක්වත් දෙන්න පුළුවන් වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැති තරම්.... දිවුල්ගනේ මහත්තයාගේ ලස්සනම සිංදුව මේ කතාවට හරියටම හරි....
මේ පද ටික පපුව ඇතුලේ තාමත් හොල්මන් කරනවා ඇති මේ සිංදුව ඔයා අහුවනං....
“මහමායාවෙනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ.....”
“බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන් සිත නිවී සැදේවා..”
“ඇත් රැජිණියනේ ඔබේ නැළවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා...”
මේ වෙද්දී ඔයාගේ අම්මා ඔයාලව අත හැරලා ඈත පේන තාරුකා අස්සේ හැංගිලා ගිහිල්ලනං... මම ඔයාට පුංචි ආරාධනාවක් කරනවා... ඒ රත්තරන් අම්මගේ පින්තූරේ... බුදු පිළිමේ ලගින් තියන්න.. ජේසුස් වහන්සේ ලගින් තියන්න... තුන් මාසයක් තව්තිසාවේ තමන්ගේ අම්මාට බණ කියපු බුදු හාමුදුරුවෝ...මරියතුමියට අප්රමාණව ආදරය කරපු ජේසුස් වහන්සේ අමනාප වෙන එකක් නෑ... ඔයාගේ අම්ම උන්වහන්සේ සමතැන් කළා කියලා... ඒ අම්මගේ ආදරේ ඒ තරම් වටිනවා... පහන තියලා ප්රාර්ථනාවක් කරන්න..මතු භවේ පිරිමි ආත්මයක් ලබන්න... මොකද දන්නවද?? ගැහැණු කෙනෙක් බුදු වෙනවා කියල අපි අහල නැති නිසා...ඒ අම්මා බුදු වෙන්න ප්රාර්ථනාවක් කරන්න.. නන්ද මාලනියගේ මේ සිංදුව ඇහැ පියාගෙන අහන්න...එක වතාවක් ඒ අම්මව හිතේ මවාගෙන...
“දරුවන්ගේ දුක් කඳුළු දකින දා ..සුරලොව සිට අත පා...ඒ කඳුලැලි පිසිනා...”
“අම්මාවරු නැති දරුවන්ගේ...සංකා දුක් කවුදෝ දන්නේ..ඒ දුක දන්නා අම්මාවරුමයි..යම් මතු දිනයක බුදුවන්නේ... ”
ගමේ හැදිලා කොළඹ ඇවිත් රන් කාසි හොයන ඔයාගෙන් මම එක ඉල්ලීමක් කරනවා....ඒ රත්තරං අම්මව මඟ හැරෙන්න දෙන්න එපා ජීවිතෙන්... ඒ අම්මගේ ආදරෙන් ඔයාව...ඔයාගේ බිරිදව..සැමියාව...දරුවන්ව...වෙන් කරගන්න එපා.. දීපිකා මහත්මියගේ මේ ගීතය අහල ඉන්න..කතාවේ ඉතුරු ටිකට යන්න කලින්...
“ඉණි වට ළඟ බලා හිදී අපි එනතුරු අම්මා...”
“සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා - අම්මාවරුන් දුක් වින්දා හඬලා..”
“දරුවන් අනේ රජ වෙනතුරු මග බැලුවා - දුක් සැප බලන්නට නාවත් සෙත් පැතුවා... ”
මම ඔබට යෝජනාවක් කරනවා... මෙදා පාර අලුත් අවුරුද්දට ගමේ යමු... චීත්ත රෙද්ද අරං පුරුද්දට වගේ අවුරුද්ද ගෙවිලා ගියාට පස්සේ නෙමෙයි.... නොනගතේ ලබන්න කලියෙන්ම... මෙදාපාර ඔයාගේ පැටවුන්ට නැකතට කන්න දෙන්න එයාලගේ ආත්තම්මාගේ අතින් හදපු කිරිබත් කෑල්ලක්...ඔයාට දරුවෝ නැත්තං..අම්මලට කියන්න මෙදා අවුරුද්දට කන්න ඕන කියලා ආත්තම්මාගේ අතින් හදපු කිරිබත් කෑල්ලක් කියල...මෙදා අවුරුද්දේ කතා කරන්න සහෝදරයෝ ඔක්කොටම..අම්මා ඉන්න තැනට...මැරුණම ගෙනියන්නේ නැති ඉඩම් කඩම් හින්ද මරා ගත්තා ඇති...ඔක්කොටම එන්න කියන්න...ඒ රත්තරං අම්මට තමන්ගේ දරුවෝ මුණුපුරෝ රොත්තම වට කරගෙන කිරිබත් කන්න ජීවිතේ අවස්ථාව සලසල දෙන්න...ඊලග අවුරුද්දේ ඔයා පරක්කු වැඩි උනොත්??? මොකද දන්නවද එක දවසකටවත් අම්මව මග හැරුණොත් ආයේ ඒ දුක කවදාවත් ඔයාට වාවගන්න බැරිවෙයි.....
මැනලා කිරිදුන්නේ නැති ඒ රත්තරං අම්මට අසීමිතව ආදරය කරන්න... වික්ටර් මත්තයගේ මේ නැලිවිලි ගීයෙන් මේ කතාව මට අවසන් කරන්න ඉඩ දෙන්න
හැමදාමත් අම්මට ආදරෙන් ඉන්න..සදා ජය!!!
දස මාසේ වුරේ කත්වා
පෝසේසි වුද්ධි කාරණං
ආයු දීඝං වස්සසතං
මාතු පාදං නමාමහං..
සන්නාලියනේ
මම ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයා වගේම මහන්සි වෙලා ජීවිතේ ගොඩගන්න දහදිය කඳුළු හලන කෙල්ලෝ කොල්ලෝ ටිකක් ගැන කියන්න හදන්නේ. මාතෘකාව දැක්ක ගමන් දැනගන්න ඇති!! ඔයාගේ අවිවේකී ජිවිතයෙන් මිනිත්තු 10 ක් 15ක් මේ කතාවට වෙන් කරන්න බැරිනම් මේක මෙතනින් කියවන එක නවත්තන්න... පස්සේ වෙලාවක කියවන්න..
උපන්න දා ඉදන් අපි ඇදුම් අන්දා..ඕන උනේ විලි වහගන්න... උපන්දා ඉදන්ම ජිවිතේ හැම තැනදීම.. බඩ ඇතුළේ හංගගෙන දස මාසෙකට පස්සේ බිහි කරපු දෝණි පපුව උඩින් තිබ්බම කිරි උරන හැටි බලන සන්නාලිය...ලොකු වෙන දෝණි ඇස් දෙක වගේ බලාගෙන දීග යන හැටි උපේක්ෂාවෙන් බලා ඉන්න සන්නාලිය... තමන්ටත් කලින් හතර රියනේ උරුමය ගන්න හදිස්සි උන දෝණිගේ පපුව උඩ මල්වඩමක් තෙරපෙන හැටි කඳුළු අතරින් බලන සන්නාලිය.. ඉපදීම, නික්මන නිවන කියන මේ ලෝක ධර්මතාව අපිට අවබෝධ කරන්න සන්නාලියක් තෝරගත්තේ ඇයිද මන්දා... පපුව ඇතුලට වැදිලා ආයේ එලියට නොඑන්නම නිධන්ගත වෙන පණ්ඩිත් අමරදේවයන්ගේ හඬ මට ඇහෙනවා වගේ...අහන්න උවමනාව තිබ්බත් මග හැරුණු ඒ ගීතයටඅපි විනාඩි කීපයක් වෙන් කරමු.. කතාව පටන් ගමු ඊට පස්සෙම... මේ සන්නාලියනේ.....
අද ඔයා බොහොම හැඩ වැඩ දාල ඇඳපු විල්ලුද ඇඳුම උඩ උල් ඉඳිකටු වලින් නූල් ඇමිණුවේ ඒ සන්නාලිය!!! හැබැයි සමහරුන්ට ගාමන්ට් කෙල්ලෝ..පාදඩ උන්ට ගාමන්ට් කෑලි..78 න් පස්සේ හොද නරක දෙකටම කට අරුණු ලංකාවේ ආර්ථිකයට එකතු උන වෙළද කලාප ඇතුළේ හිර උන අහිංසක හිත් ගැන අද කතා කරන්න හිතුනා.... මේ රටේ ආර්ථිකේ ඇතුලේ මේ හිරිවැටුණු ඇඟිලි තුඩු කරන වික්‍රමෙන් එන කාසි වලට ලොකු තැනක් ලැබුණත් ඔයාගේ මගේ හිත් වල මේ ළමයි ගැන තියෙන්නේ අවලංගු කාසියකට තියෙන සැලකිල්ලක් නෙමෙයිද??? මොකක්ද ප්‍රශ්නේ... ඒ අහිංසක ළමයින්ට අපේ හිතට එන්න තරමට වාසනාවක් නැද්ද? නැත්තන් උන් ආදරෙන් වැළදගන්න තරං අපේ හිත් ලොකු නැද්ද??? පළල් නැද්ද??? ඔයා කොල්ලෙක්නම් ගාමන්ට් ළමයෙක්ව කසාද බදින්න කලින් දෙපාරක් හිතන්න කියලා ඔයාට කියලා දුන්නේ කවුද??? ඒ ආදරණිය හිත් වලට ආදරේ අහිමිද??? ඔයා කෙල්ලෙක්නම් රතු කරපු තොල් වල උල් කරපු සපත්තු වල ඔයා පරිස්සම් කරන සමාජ තත්වෙට රබර් සෙරප්පු දාන මල් ගවුම් අදින කෙල්ලක් එක්ක කතා කරන එක මදි කමක් උනේ ඇයි??? ඒ ජිවිත වලට උරුම පැය 10 සේවා මුරේ, ඉඳිකටු, නූල්, අයන්, බොයිලේරු, පොලි බෑග්, හැගර්ස් විතරද??? ඒ අහිංසක හිත් වලට එබෙන්න කලින් මේ ගීතය අහල ඉන්න....
අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට..........
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ...........
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ.................
මේ වචන මගේ හිතේ හොල්මන් කරනවා... අපි උන්ගේ සමනළ හිත් වලට අහිංසක හීන වලට එබිකම් කළොත් ඒ ජිවිත විඳින දුක් වලින් සීයෙන් එකක්වත් අපි විදින්නේ නෑ.. ඒ අකලට පැහුණු හිත් වල තියෙන හයියෙන් දශමයක්වත් අපේ හිත් වල නෑ... බියගම කොග්ගල කටුනායක විතරක් නෙමෙයි පුංචි පුංචි තැන් වල වැඩට එන්නේ ගොඩක් වෙලාවට ගමේ හුලගින් හුස්ම ගත්තු ගමේ ඇලෙන් වතුර බීපු ළමයි... රට ජාතිය බේරගන්න තමන්ගේ අත පයට අන්තිම කැමැත්ත ලියලා එලියට බහින රත්තරං සොල්දාදුවෝ වගේම ඔත්පල වෙච්ච තාත්තා වාරු නැති අම්මා රැකගන්න තමන්ගේ ආත්ම ගෞරවයට දොර ගාව තියලා මේ සමනලියෝ ගෙදරින් එලියට බහිනවා... පලවෙනි පාර තෑගි බෝග එල්ලගෙන ගෙදර එනකොට අවට උන් දොරවල් වහගන්නවනන්, දුවම ගෙනත් දුන්න චීත්ත රෙද්ද පපුවට හිර කරන් තමන්ගෙම දුවගේ බඩ දිහා බලනවනං...ඒ අහිංසක ළමයි කොච්චර ලොකු කරුමයක් කරලා ඇත්ද?? ඇත්තටම වැරැද්ද කලේ පවුල බලාගන්න පැය ගණන් ජුකිය කරකවන ළමයිද?? නැත්තං පුර්ව නිගමන වල ඉදං පුරුදු මිනුම් දඩු වලින් මිනිස්සුන්ගේ ආත්ම වල දිග පළල මනින අපිද??? මේ සිංදුව අහල බලන්න.......
නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද
කෝල කොමළ නංගියේ නුඹ අතට ගත්ත මහබර කන්ද
අදහන්නට පුලුවන්ද ....
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පෑනෙන් කොහොම මේ පද ලියවුණත් ඒ පද කොච්චර හිතට දැනෙනවද???
දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...
මේ වචන අස්සේ හංගපු අර්ථය දිගහරින්නම හිතුණා සිංදුව ඇහුවට පස්සේ.. පුස් බැඳුනු ඉර හඳ වෙන කවුද වාරු නැති අම්මා තාත්තා මිසක.. ඉස්කෝලේ යවාගන්න විදියක් නැතුව අකුරු නොදන්නා සහෝදරයෝ...උයා පිහා ගන්න බැරි තරමට ගෙදර තත්වේ දරුණු වෙද්දී උගත් යැයි හිතා ගත් අමනුස්ස සමාජෙන් වෙඩි කන්න වෙන බව දැන දැනම ආත්ම ගෞරවේ ඔට්ටුවට තියලා ඉස්සරහට අඩිය තියපු සන්නාලියේ... උබ තරම් කවියක් කොහෙද තව....
දයාබර ඔබෙන් මං ඉල්ලීමක් කරනවා... ඒ හිත් අපේ හිත් වගේමයි..අහිංසකයි... ඒ හීන අපේ හීන වගේමයි...ලස්සනයි... රෙදි ඉදිකටු අස්සේ දියාරු වෙන ඒ අහිංසක හීන වලට අපේ ජිවිත පතොරමෙන් ඇදුම් කපලා අන්දන්න එපා.. අවස්ථාවක් ලැබුණොත් ඒ හිත් අස්සට එබෙන්න.. උන් රෑට කෑවද බිව්වද අදින්න ඇදුමක් තියනවද?? ලෝකෙන් මුවා වෙලා හවසට නාන්න ආවරණයක් තියෙනවද කියල අපිට හොයන්න බැරිනං උන් ගැන පුර්ව නිගමන වලට යන්න එපා.. වැඩි දෙනක් දුප්පත් උනත් නූගත් උනත් ඒ ළමයින්ටත් ආත්ම ගෞරවයක් තියෙනවා.... ඒ අයිතිය නැති කරන්න එපා!!!
අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්...
වික්ටර් මාස්ටර්ගේ මේ ලස්සන සිංදුවෙන් අපි කතාව ඉවර කරනවා!!!
කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ...
Monday, June 22, 2015
මනස පාලනය
අපගේ සිතේ ඇති සම්පූර්ණ ශක්තියම අවදි කිරීමට එය ක්‍රමවත්ව පුහුණු කල යුතුයි. එහි පලමු පියවර ලෙස ඉහිල් කිරීම (Relaxation) පිලිබඳව මෙහිදී ලිවීමට අදහස් කරමි. මාංශ පේශියක ශක්තිය වැඩි කිරීමට දිගැදුම් අභ්‍යාස (Streaching) උදව් වන්නා සේම මේ අභ්‍යාස ඔබේ මනසේ ශක්තිය වැඩි කිරීමට හේතු වේ.
අපගේ සිත නිරතුරුවම පංචේන්ද්‍රයන් ගෙන් ලැබෙන සංවේදන බලාපොරොත්තුවෙන් සිටී මේ සංවේදන තුල ඇති තොරතුරු සකස් කිරීමට සහ අවබෝධ කරගැනීමට මනසේ ශක්තිය වැඩි වශයෙන්ම වැය වේ. මේ ශක්තිය ඉතිරි කර ගැනීමට නම් අපගේ සිත වහා හිස් කර ඉඩ ගැනීමට පුරුදු විය යුතුය. පැහැදිලිව සහ බුද්ධිමත්ව සිතීමේ හැකියාව දියුනු කරගැනීමටද මෙය උදවු වේ. තමා අවට ඇති දේ පාලනය කිරීමට සිතීමටත් පෙර තමාගේම සිත පාලනය කර ගැනීම අවශ්‍ය වේ.
භාවනා කිරීමට නිස්කලංක හුදකලා ස්ථානයක් තෝරාගන්න හැකිතරම් කෘතීම ශබ්ද වලින් තොර ස්ථානයක් සහ වේලාවක් තෝරා ගන්න. ස්වාභාවික ශබ්ද වන කුරුල්ලන්ගේ ශබ්ද, ජලය ගලා යන, සුලඟට අතු සෙලවෙන ශබ්ද කිසිවිටෙක ඔබට බාධාවක් නොවනු ඇත. ස්නානය කර පිරිසිදු වී අවශ්‍යනම් සැහැල්ලු ඇඳුමක් ද ඇඳගන්න. සැහැල්ලු ආහාරයක් ගෙන සිටීමද වැදගත් වේ. බර ආහාරයකින් කුස පිරී ඇති විට ශක්තිය බොහෝ වශයෙන් උදරයට ඇදගනී. එවිට හිසට අවශ්‍ය තරම් ශක්තියක් ලබා ගත නොහැකි වී විට නිදිමත ගතියක් ඇති විය හැක.
මුලින්ම, ඔබට ගත හැකි තරම් උපරිම හුස්මක් ඉහලට ඇද පුරවා ගන්න. ඉන් පසු ඉතා සෙමෙන් හුස්ම පිට කරන්න. පිට කරන හුස්ම සමඟ ශරීරයේ ඇති සියලුම වෙහෙස සහ ආතතිය සෙමෙන් පිට කරන්න. පිටවන හුස්ම පිලිබඳ සම්පූර්ණ අවධානය යොමු කරන්න. මෙය හැකි තරම් සෙමෙන් කරන්න. නමුත් ඉතා සෙමෙන් කිරීමට යාමෙන් සුලු වෙහෙසක් ඇති විය හැක. වෙහෙස ඇති වන්නේ පිටවන හුස්ම පිට වීමට නොදී තබා ගැනීමට යාමෙනි. හුස්ම නිදහසේ විට වෙන්නට හරින්න. වැදගත් වන්නේ එය තුල හැකි තරම් අවධානය රැඳවීමත් එය උපරිම අන්දමින් විඳගැනීමත් ය. දිගටම හුස්ම පිලිබඳ අවධානය රැඳවීම ඒ මත බැඳීමක් ඇති කර සිත හිස් කිරීමට බාධාවක් වීමට ඉඩ ඇත.
මීලඟට ඔබේ ශරීරය තුල අවධානය රඳවන්න. දෙපතුලේ සිට හිස් මුදුන දක්වාත් සම්පූර්ණ ශරීරයමත් අවධානයෙන් යුතුව විඳගන්න. දෙපතුලේ සිට හිස් මුදුන දක්වා ඉහලට ආලෝකයක් ගමන් කරන්නා සේ මනසින් දැකීම තවත් එක් ක්‍රමයකි.
මේ අවස්ථාවේදී ඔබේ ශරීරයේ සියලුම මාංශ පේශි හැකි තරම් ඉහිල් කරන්න. මනස පවතින්නේ මාංශමය ශරීරය තුලම නිසා ශරීරය ඉහිල් කිරීම මනස ඉහිල් කිරීමට පුහුණු වීමේදී ඉතා වැදගත් වේ. ඔබ සිටින ඉරියව්වෙන් සිටීමට අත්‍යාවශ්‍ය වන තරමට පමණක් පේශි වලට බලය සපයන්න. අනෙක් සියලුම පේශි ඉහිල් කරන්න. ඔබට පහසුම ඉරියව්වක් තෝරාගැනීම වැදගත් වන්නේ මේ නිසාය. සැතපෙන ඉරියව්ව හැර ඕනෑම ඉරියව්වක් සුදුසුයි. පාද වලට කිසියම් හෝ අපහසුවක් දැනේනම් පුටුවක වාඩි වී භාවනා කිරීම සුදුසුයි. පුටුවක් තෝරාගැනීමේදී හැකි තරම් ස්වාභාවික අමුද්‍රව්යයන්ගෙන් නිපදවූ ලෝහ කොටස් නොමැති පුටුවක් තෝරා ගන්න.
ඔබේ සිතේ ඇති සියලුම සිතිවිලි ඉවත් කරන්න. සිතට ඇතුලු වන කිසිම සංවේදනයක් බාරගැනීමෙන් වැලකී සිටීමට උත්සාහ ගන්න. සිත හිස් කිරීමෙන් ඇති වන විශාල හිස් ඉඩ (void) විඳගන්න. නමුත් ඒ තුල ඇති විඳගැනීම වචන වලට නැඟීම හෝ ඒ ගැන සිතීම සිත හිස් කිරීමට බාධා කරයි. "මෙය ඉතා පහසුයි" යැයි ඔබට සිතේ නම් එම සිතුවිල්ල ඇති වීමම ඔප්පු කරන්නේ සිත සම්පූර්ණයෙන් හිස් වී නොමැති බවයි.
සිත සම්පූර්ණයෙන්ම හිස් කිරීම ඉතා අපහසු සහ බොහෝ කාලයක් පුහුණු කල යුතු එහෙත් තත්පර කිහිපයකට වඩා පවත්වාගත නොහැකි මනසේ තත්වයකි. නමුත් ඒ සඳහා උත්සාහ ගෙන හැකි තරම් මනස හිස් කිරීමම්ම ජයග්‍රහනයක් ලෙස සලකන්න.
සිත සම්පූර්ණයෙන් හෝ බොහෝ වශයෙන් හිස් වූ විට ශුන්‍ය ගුරුත්වය තුල නිදහසේ පහලට වැටෙන ලෙස හෝ ඔන්චිල්ලාවක පහලට පැද්දෙන විට දැනෙන සංවේදනය ආකාරයේ සංවේදනයක් ඉතා කෙටි කාලයක් තුල දැනේ. සුරන්තයට (orgasm) පැමිනීමෙන් පසුව ඇති වන සංවේදනයද මීට බොහෝ සමානය.

ඔබේ ඇසේ නොදුටු පැතිකඩ
ඇස් වලින් බොරු කරන්න බෑ කියල අපි කතාවක් අහල තියනවා. ඒ වගේම තමයි අපේ ඇස් දෙකෙන් අපේ ඇඟ ඇතුලේ තියන ලෙඩ රෝග ගැනත් යම්තාක් දුරකට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හර්දයබාධ , දියවැඩියාව , අධි රුධිර පීඩනය ආදී ලෙඩ රෝග මෙන්ම ජාන විකෘති විම නිසා ඇති වන ලෙඩ රෝග වලින් 1/3ක් ම ඇස හා සම්බන්ධ බවට සොයාගෙන තිබේ. ශරීරයෙ පෝෂණ ඌනතා සහ අභ්‍යන්තරයේ ඇති ආසාත්මිකතාවයන් පිළිබඳව ද යම් කිසි නිගමනයන්ට එලඹ්මට ද හැකියාවක් තිබේ. ඇසෙහි විවිධ කොටස් මගින් විවිධ රෝග නිර්ණය කරගැනීමේ හැකියාව පවතී.
අක්ෂි විශේෂඥයන් පවසන අන්දමට ඇස යනු අපගේ අභ්‍යන්තර ශරීරය පිරික්සිය හැකි විවරයකි.බොහෝ විට වෛද්‍යවරුන් අන්වීක්ෂ භාවිතයෙන් ඇස පරීක්ෂා කොට මෙම රෝග ලක්ෂණ හඳුනා ගනී. මානසික ආතතිය වැනි තත්ත්ව යටතේ ද ඇසෙහි විවිද වෙනස්කම් දැකිය හැකි වේ. ඇසෙහි ඇති තවත් එක් විශේෂත්වයක් නම් මෙම රෝග ලක්ෂණ ශරීරයේ වෙනත් ස්ථාන වල මතු වීමට පෙරම ඇස් පරික්ෂා කිරීමෙන් හඳුනාගත හැකි වීමයි.

නගිනවා කියල මෙහෙමත් නගිනව ද ?
පිස්සු වැඩ එහෙම නැත්තන් ත්‍රාසජනක වැඩ කරන්න ආස ගතියක් අපි හැමෝ තුලම තියනවා. Vitaly Raskolov සහ Wadim Makhorov චීනයේ ශේන්සෙන් ප්‍රදේශයේ තියන Ping An මුල්‍ය ශාඛා ගොඩනැගිල්ලේ මුදුනටම නගින්න තීරණය කළා. උඩට නැග්ගම තියන දර්ශන තලය ගැන කියන්න වචන නෑ. මාරම සිරා view එකක් තියෙන්නේ.
මේ දවස්වල කවුරුත් Selfie ගන්න වැඩේ අත ඇරලා නෑ නේ. අමුතු අමුතු selfie ගහන්න අපි වෙලාවකට එක එක තැන් වලට යනවා. ඒත් මේ දෙන්නා ඒකට තෝරාගත්තේ අමුතුම තැනක්. ඒගොල්ලෝ ගොඩක් දුර ගිහින් ලෝකයේ දෙවෙනියට උසම කුළුණට ගොදවෙන්නයි සුදානම. අඩි 2,165ක් උස මේ කුළුණ ඒගොල්ලෝ නගින්නේ GoPro කැමරාවක් විතරක් තියාගෙන.
කලුවරේම මේගොල්ලෝ ගොඩනැගිල්ලේ 115වන මහලට ගොඩවෙනවා. උදේ වෙනකන් රැය පහන් කරාට පස්සේ එලිය වැටුනට පස්සේ මේගොල්ලෝ ගොඩනැගිල්ලේ රහස් අංකය සොයාගෙන ඒක ඇතුලත් කරලා අගුලු අරගෙන ගොඩනැගිල්ලේ වහලයටම ගියා. ඊට පස්සේ තමයි අමාරුම හරියට මුහුණ දෙන්නේ සිද්ධවුණේ. දොම්බකරය දිගේ නගින්න පටන් ගන්නේ මෙතන ඉඳන්. මොවුන් දෙදෙනා මේ විදියට උස තැනකට නැගපු පළමුවෙනි අවස්තාව මෙය නොවේ. ගීසා හි යෝධ පිරමිඩය , ශැන්ග්හායි කුලුන වගේම ජර්මනියේ Cologne Cathedral එකටත් මේගොල්ලෝ නැගල තියනවා. බලන්නකෝ මේගොල්ලෝ කරපු වැඩේ අපුරුව.

ඔබේ මනස අවුල් කරන මේ රූප දිහා බලන්න
බලන්නකෝ මේ පින්තුර ටික දිහා. ඔලුව නිකන් කැරකිලා යනවා නේද කියල?
මේක ඇතුලේ ඔබට වෘත්ත ගොඩක් පේනවද?
මේ පින්තුරය චලනය වෙනවා වගේ දැනෙනවද?
මේක පෙන්නේ මොන පාටින්ද ? නිල් පාට කොළ පාට එහෙම පේනවද?
මේක දිහා කොච්චර බලන් හිටියත් තේරුම් ගන්න ටිකක් අමාරුයි නේද?
මේ ගොඩනැගිලි දෙකෙන් ඉස්සරහෙන් තියෙන්නේ මොන ගොඩනැගිල්ලද ?
මෙතන ලී කෑලි කීයක් තියනවද ? 3ක් ද ? 4ක් ද?

හිතපු පැත්තේ නෙමෙයි ද වාඩි වුනේ?
පින්තූර දෙකේම එකම විදියට නේද ඉන්නේ ? පොඩ්ඩක් ඔලුවෙන් හිටන් බලමුද ?
මොන විකාරයක් ද මේ ?
මොකක්ද ඇත්තටම දිග?
කළු සුදු ?
කොහොමද මෙහෙම වුනේ ?
දැන් නං කැරකෙනවා වගේ නේද?
ඔබේ මොළේ වර්ධනය සමබර ද?
රොබට් ඕර්න්ස්ටේන් සහ රොජර් ස්පෙරි යන විද්‍යාඥයන් දෙදෙනා අපේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන ඉතා මත් වැදගත් සොයා ගැනීමක් කළා. ඒ සඳහා ඔවුන් නොබෙල් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. මේ සොයා ගැනීම නම්, අපේ මොළය වෙන වෙනම කාර්ය්‍යයන් දෙකක් පැවරී ඇති කොටස් දෙකකින් සමන් විත බවයි.
ඒ අනුව අපේ වම් මොළය බොහෝ වශයෙන් අපේ අධ්‍යාපනයට සම්බන්ද කටයුතු වලට සම්බන්ද බව සාකච්ජා වුනා. එම කටයුතු අතර පිළිවෙල, ගණිතමය කටයුතු, තර්ක කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. නිර්මාණ ශීලි කටයුතු, රූප හා වර්ණ භාවිතය, සංගීතය හා රිද්මය, සිතීම වැනි පූර්ණ සහ කලාත්මක කටයුතු වල නිරත වෙනවා. සමබර සංවර්ධනයකට වගේ ම මතක ශක්තිය වැඩි කරගන්න මේ අංශ දෙකේම වර්ධනයක් අවශ්‍ය වෙනවා.
කොටස් සහ එහි වෙනස් කම්, කෙරෙහි වම් මොළය සලකන විට එය එකක් ලෙස සහ එහි සමානකම් ගැන දකුණු මොළය සලකනවා. තාර්කික බවි ව්ම් මොළය තීරණ ගන්නා විට හැගීම් වලින් තීරණ ගන්න දකුණු මොළය පොළඹවනවා. වචන දෙස වම් මොළයත් රූප දෙස දකුණු මොළයත් අවදානය යොමු කරනවා. වම් මොළයට කාලය පිළිබඳ හැගීමක් තිබුනත් දකුණු මොළය ඒ ගැන සිතන්නේ නැහැ. ක්‍රමානුකූලව හේතු සොයමින් වම් මොළය ඉගෙන ගත්තත් තීරණ ගත්තත්, දකුණු මොළය සහජ ඥානයට සහ එක් වරම ගන්නා තීරණ වලට මුල් තැන දෙනවා.
පාසල් අධ්‍යාපනයට තියෙන එක ලොකු චෝදනාවක් තමයි වම් මොළයේ සංවර්ධනය සඳහා වැඩි වශයෙන් අවධානය ලබා දෙන බව.වම් මොළය සහ දකුණු මොළය සංවර්ධනය කර ගන්න පුළුවන් අභාස කිහිපයක් අපි කරමු.
වම් මොළය සංවර්ධනය සඳහා ක්‍රියාකාරකම්
පොත් රාක්කය පිළිවෙලට අස් කරන්න
පරිගනක වල වැඩ කිරීම
ඔබේ ජීවිතයේ සිහිවටන පිළිවෙලට තබන්න
ඔබේ වයස ඩින පැය විනාඩි ත්ත්පර වලින් ගනන් තියන්න
ගණිත ගැටළු විසඳන්න
සමාජමය ගැටළු වල හේතු සොයන්න
අයවැය සකස් කරන්න
දකුණු මොළය වර්ධනය සඳහා වන ක්‍රියාකාරකම්
සුන්දර පරිසරයක චමත්කාරය විඳින්න
මුහුදු වෙරලක සෙල්ලම් කරන්න
ගීයක් මුමුණන්න, රිද්මයට නටන්න
ඔබ සඳහා ලාංජනයක් නිර්මාණය කරන්න
මාළු ටැංකිය දෙස බලා සිටින්න
සතකු සුරතල් කරන්න
Friday, June 19, 2015
මරණාසන්න වූවන්ගේ අත්දැකීම්
(මරණාසන්න වූ කීප දෙනකුගේ අත්දැකීම් විස්තර කැරෙන මේ ලිපියෙන් ඇලීමෙන්, බැඳීමෙන් තොර වීමෙන් ලැබෙන සතුට ගැන ද කියැවේ.)
.
මේ කියන මහාචාර්ය ‘පින් වැන් ලෝමල්’ හට මරණාසන්න වූවන් පත් වන සිද්ධිවලට සම්බන්ධ කතන්දර, හුදු කතාන්දරවලට සීමා නොකොට මේවා ඇත්තද කියා විද්‍යාත්මකව සොයා බලන්න ඕනෑ වුණා. ඔහු මේ පිළිබඳ කළ පර්යේෂණය සම්බන්ධව සුප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යා සඟරාවක් වූ ‘ද ලන්සෙට්’ සඟරාවේ 2008 කලාපයේ පළ වී තිබෙනවා.
ඔහුගේ පර්යේෂණයට පාදක වුණේ නෙදර්ලන්තයේ රෝහල් දහයක්. ඔහුගේ නියැදි කණ්ඩායම වූයේ මේ රෝහල් දහයට ඇතුළු වන හෘදයාබාධ සෑදී හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර වී, එහෙත් පණ රැකගත් රෝගීන්. හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර ව රෝහලට පැමිණි සෑම රෝගියකුටම ඔහු ප්‍රශ්නාවලියක් දුන්නා. මේ ප්‍රශ්නාවලියෙන් අසා තිබුණේ හෘදයාබාධය උත්සන්න වී සිහිසුන්ව, නැත් නම් තාවකාලික මරණයට පත් වූ කාලපරාසයක් ගැන ඔවුන්ට කිසියම් මතකයක් තිබෙනවාද යන්නයි.
ඒ වගේම සැත්කම් කාමරයේදී සිදු වූ දේවල් ද ඔහු වාර්තා කර තැබුවා. මේ මගින් ඔවුන්ගේ මතකයන්ගේ නිරවද්‍යතාව පිරික්සා බලන්නට හැකි වුණා. ඔහුගේ පර්යේෂණයට භාවිත වූ නියැදියෙන්, හෘදයාබාධයට ලක් වී තාවකාලික මරණයට පත් වූවන්ගෙන් සියයට 10කට මරණාසන්න අත්දැකීම් තිබුණා. තමන් තාවකාලික මරණයට පත් වූ පසු සිදු වූ සිද්ධි පිළිබඳ අත්දැකීම් ඔවුන් විස්තර කළා.
තමන්ගේ ශරීරයෙන් වෙන් වී ඉවතට පා වී ගිය අයුරුත්, ඉන් පසු ඇසීමට නැත් නම් දැකීමට හැකි වූ අයුරුත් ඔවුන් විස්තර කළා. මේ මතකයන් සිතේ මවාගත් මතකයන්ද නැත් නම් ඇත්තටම ඇත්ත මතකයන්දැයි මහාචාර්යවරයා විමසා බැලුවා. ඔවුන් විස්තර කළ දේවල්, සිදු වූයේයැයි කියූ දේවල් පරීක්‍ෂා කිරීමේදී ඇත්තටම සිදු වී ඇති බව මහාචාර්යතුමාට සනාථ වුණා.
මහාචාර්යවරයාගේ මෙම පර්යේෂණයේ සිත ඉතාම කුල්මත් කරන කොටස නම් මරණයට පත් වී, පසුව සිහිය ඇවිත් සිය මරණාසන්න අත්දැකීම් ප්‍රකාශ කළ මේ සියයට දහයේම මොළය මැරී තිබීමයි. මරණාසන්න වූවන්ගේ අත්දැකීම් පිළිබඳ මෙම පර්යේෂණයෙන් අනාවරණය වූ සුවිශේෂම කාරණය මේක තමයි. මොළයේ ක්‍රියාකාරීත්වය එහෙම පිටින්ම අක්‍රියව තිබියදී, සිහිය තමන් කරන කියන දේවල් ගැන දැන සිටීමයි, සක්‍රීයව තිබීමයි. මහාචාර්යවරයාගේ පර්යේෂණයේ මුල කොටසින් අනාවරණය වන වැදගත් නිගමනය මේකයි.
ගැඹුරු භාවනාවේදීත් සිදු වන්නේ මෙයම තමයි. මම මේ සම්බන්ධ සිද්ධියක් දැන් ඔබට කියන්නම්. මේ කියන්න යන්නේ මෙහි අපේ දායකයකු සම්බන්ධ සිද්ධියක්. අද සැඳෑවේ නම් ඔහු මෙහි ඇවිත් නැහැ. ඔහුගේ අවසර ඇතිව මම මේ විශිෂ්ට කතාව මගේ පොතකද පළ කළා.
ඔහු ඉතා ගැඹුරු භාවනාවන්හි නියැලෙන කෙනෙක්. දවසක් ගෙදර, කාමරයේදී ගැඹුරු භාවනාවකට සමවැදී සිටි ඔහු ගැන විපරම් කළ ඔහුගේ භාර්යාව තම සැමියා කිසිම සද්දයක් නොකර නිසොල්මන් වී සිටින හැටි දැක්කා. ඇඟපත අල්ලා සෙලවූවත් ඔහු අවදි වුණේ නැහැ. තම සැමියා මරණයට පත් වන්නට ඇතැයි සිතූ ඇය, ගිලන් රථයක් කැඳවා චාල්ස් ගාර්ඩිනර් රෝහලට ඔහු රැගෙන ගියා. රෝහලේදී ඊසීජී හා ඊඊජී පර්යේෂණවලින් ඔහුගේ හෘදය වස්තුවත්, මොළයත් සක්‍රීයව තිබෙනවාදැයි පිරික්සුවත් ඒවා අකර්මණ්‍ය වී තිබුණා. පරීක්ෂණයේදී හෘදයවස්තුව දිගු වේලාවක් තිස්සේ ස්පන්දනය නොවන බවත්, ඊඊජී පරීක්ෂණයේදී මොළය අක්‍රියව ඇති බවත් අනාවරණය වුණා.
ඉන් පසු විදුලි සැර වැද්දීම්, පපුව තෙරපීම් වැනි නොයෙකුත් හදිසි ප්‍රතිකාර කළත් ඔහු ජීවත් වන ලකුණක් දැකගන්නට ලැබුණේ නැහැ. මේ අතරවාරේ ඔහු, ඔහුගේ භාවනාව නිම කොට, පියවි සිහියට එළඹුණා. ඔහු භාවනාව නිම කළ සැණින් ඊසීජී යන්ත්‍රයත්, ඊඊජී යන්ත්‍රයත් ක්‍රියාකාරී වෙන්නට පටන් ගත්තා. ඔහු වටපිට බලන විට තමා රෝහලක සිටින්නේ මක් නිසාදයැයි විස්මයට පත් වුණා. වෛද්‍යවරුන් බොහෝම කඩිනම් පරීක්ෂණයක් කළත් ඔහු ගැන කියන්නට කිසිම වරදක් නැති බව හෙළි වුණා. ඉන් පසු ඔහු ආපසු ගෙදර ගියා. ඇත්තටම ඔහු රෝහලේ සිට ආපසු පයින්ම ගෙදර ගියා. පයින් යා හැකි තරමට ඔහු නීරෝගීව සිටියා.
විස්මයජනක කාරණය නම් මේ කියන මුළු කාලය තුළ ඔහු හොඳ සිහියෙන්, සෝදිසි ඥානයෙන් යුක්තව සිටීමයි. මා මේ කතාව කිව්වේ මේ කතාවට සම්බන්ධ තැනැත්තා මෙහි එන යන අයකු නිසාත්, ගැඹුරු භාවනාව තුළින් සිදු වන්නේ කුමක්දැයි හඳුනාගැනීමට මේ කතාව ප්‍රයෝජනවත් වන නිසාත්ය. මේ විදිහට මොළයේ ක්‍රියාකාරීත්වය නතර වූ විට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙවැනි සාක්ෂි අප්‍රමාණව තිබෙනවා. මෙවැනි අවස්ථාවල තාවකාලිකව මරණයට පත් වීමක් සිදු වන නිසා අපි මෙවැනි අවස්ථා මරණාසන්න අත්දැකීම් ලබාදෙන අවස්ථාව ලෙස හඳුන්වනවා.
දීර්ඝ කාලීන ලෙස, සහමුලින්ම මරණයට පත් වීම අපි මරණය නමින් හඳුන්වනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වුණාම සිදු වන්නේ කුමක්ද යන්න ඒත්තු ගැනීමට මේ මගින් යම් යම් සාක්ෂි අපට ලබාදෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වීමෙන් සිදු වන තාවකාලික මරණය පිළිබඳ වැදගත්ම කාරණය නම් එය ඉතා ආනන්දජනක අත්දැකීමක් වීමයි; ප්‍රමෝදජනක අත්දැකීමක් වීමයි. මේ අත්දැකීම අත්විඳි සියල්ලන්ටම එය එසේමයි.
එය එසේ වන්නේ ඇයි? මේ වේදනාකාරි ශරීරයෙන් නිදහස ලැබීමට හැකි වීමයි. ගැඹුරු භාවනාවෙන් සිදු වන්නේ මෙයම තමයි. ඔබට මෙය මා මෙය කී සැරයක් කීවාදැයි මා දන්නේ නැහැ. එහෙත් මා මේ ගැන ඉතා අවංක විය යුතුයි. සමහර විට මෙය මා නොකිය යුතුයැයි ඔබ සිතන්නට පුළුවන්. ඒ කෙසේ වුවත් කිසිවක් සඟවන්නට අවශ්‍ය නැති නිසා මම මෙය කියනවා.
ගැඹුරු භාවනාවෙන් ලබන ප්‍රමෝදය, කාමාස්වාදයෙන් ලබන ප්‍රමෝදයට වඩා ඉහළයි. මම භික්ෂුවක් වීමට පෙර කාමාස්වාදය විඳ තිබෙනවා. නමුත් පසුගිය හතළිස් වසර තුළ මම කාමාස්වාදයෙන් තොරව බඹසර රැක්කා. එය එසේ වුවත් මට හොඳ මතකයක් තිබෙනවා. දැන් මම ගැඹුරු භාවනාවෙන් සතුටක් ලබනවා.
මක් නිසාද කිව්වොත්: භාවනාවට සමවැදුණාම ශරීරය අතුරුදන් වෙනවා. නැති වී යනවා. ඔබ මරණයට පත් වුණාමත් සිදු වන්නේ මෙන්න මේකම තමයි. මේ නිසා ශරීරයෙන් නිදහස් වීම අතිශයින්ම ආනන්දජනකයි; ප්‍රමෝදජනකයි.
මා මේ ඔබට දැන් කියන්නට යන්නේ හාස්‍යජනක කතාවක්. මා මේ කතාවට කැමතියි. එක්තරා කාන්තාවකට සැත්කමක් කරමින් සිටින අතරවාරයේ තාවකාලික මරණයට පත් වුණා. ඇය ශරීරයෙන් වෙන් වී ගොස් ඉහළ සිට පහළ සිදු වන දේවල් දිහා බලා සිටියා. ඇය කියන විදිහට මෙසේ සිටියදී මොකක්දෝ භූත බලවේගයක් ඇයට මෙහෙම කිව්වාලු:
“මේක නොවෙයි ඔයාගේ වෙලාව. ඔයා ආපහු යන්න ඕන.”
“මට බැහැ!” ඇය කිව්වා. “මම ආපසු යන්නෙ ඇයි? මම හරි සතුටෙන් ඉන්නෙ. මට ආපසු යන්න බැහැ” ඇය උත්තර දුන්නා.
“ඔයා ආපසු යන්නම ඕන!” භූත බලවේගය බල කර කියා සිටියා.
“මට ඕවයින් වැඩක් නැහැ. මම ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා.
මේ කාලයේ ජනයා නිදහසේ වැඩ කරන්න කැමැතියි. ඔබ ඔබේ දෙමාපියන්, ඔබේ ආණ්ඩුව හෝ ඒත් නැත් නම් දෙවියන් හරි වෙන කවුරු හරි කියන විදිහට ඔබ වැඩ කරන්න කැමැති නැහැ. ඇයත් නිදහසේ වැඩ කළ කෙනෙක්. ඒ නිසා ඇයට කවුරුවත් කියන විදිහට වැඩ කටයුතු කරන්න ඕන වුණේ නැහැ.
මම බොහෝම සතුටෙන් ඉන්නවා. මම නම් ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා.
ඒක තමයි නිදහස. අපට ආයෙත් කොහොමටවත් ආපසු යන්න ඕනකමක් තිබුණේ නැහැ. මේ විදිහට භූත බලවේගයත්, මේ කාන්තාවත් තර්ක විතර්ක කරමින් සිටි අතරවාරේ අර භූත බලවේගය ඇය අල්වා ආපහු ඇගේ ශරීරය ඇතුළට විසි කළා. ඉන් පසු පෙර තිබුණු රුදාවල්, වේදනාවල්, පීඩාවන් ආපහු ඇයට දැනෙන්නට පටන් ගත්තා.
ඇය ඇත්තටම අර භූත බලවේගය ගැන කෝපයෙන් පසු වෙනවා. මේ සිදුවීම පිළිබඳ සම්මුඛ සාකච්ඡාවේදී ඇය මෙන්න මෙහෙම කව්වා:
“මම ඊළඟ සැරේ මැරුණාම, අර හාදයා කොහොම හරි සොයාගත්තොත්, මම එයාට හොඳ පාඩමක් උගන්වනවා! ඒ හාදයා මට කරපු වින්නැහිය බලන්නකො...”
මේ කතාව හාස්‍යජනක වුවත් එයින් ලබාගත හැකි පාඩම වැදගත්. කථාවෙන් කියවෙන දෙයත් බොහෝ අයට හරිම ප්‍රයෝජනවත් වෙනවා. මරණය කොයි තරම් ප්‍රසන්න අත්දැකීමක්ද කියන පාඩමයි.
මරණාසන්න අත්දැකීම් විඳ ආපසු ශරීරයට ආ සෑම දෙනෙක්ම පවසන එක දෙයක් තිබෙනවා:
“මම දැන් මැරෙන්න බය නැහැ!” ඔවුන් සෑමදෙනාම කියනවා. “ශරීරය අත්හැර යෑම හරිම ආස්වාදජනකයි; ඒ වගේම හරිම ප්‍රමෝදජනකයි. අප්‍රමාණ නිදහසක්, සමාජයක් භුක්ති විඳින්න ලැබෙනවා. ඒ කාලය හරිම ප්‍රසන්න කාලයක්” ඔවුන් කියනවා.
මෙය කවුරු වුණත් දැනගත්තාම ලොකු ප්‍රයෝජනයක් තිබෙනවා. මේ බව දැනගත්තාම ඔබේ මරණය ගැන ඔබ තුළ ඇති බිය නැති වෙනවා. ඔබ ආදරය කරන කෙනකු මරණයට පත් වුණාම හඬාවැලපී ශෝක වීමද ඔබෙන් ඉවත් වෙනවා.
කෙනෙක් මරණයට පත් වූ පසු ‘ඔහු දැන් යහතින් ඉන්නවා’ යැයි කියා ඔබට සතුටු වෙන්න පුළුවන්. මරණයට පත් වූවන්ගේ අත්දැකීම් අනුව ඔබට මේ පිළිබඳ සාක්ෂි තිබෙනවා. ඔවුන් මරණයෙන් පසු සතුටින් සිටින බව ඔබ දන්නවා. මේ බව දැනගැනීමෙන් පුද්ගලයන් පිළිබඳ විශාල වෙනස්කම් ඇති වෙනවා.
නමුත් සියලු දෙනා මරණයෙන් පසු සතුටින් සිටින්නේ නැහැ. ඒ ඇයි? කියා ඔබ දන්නවා. සතුටු වෙන්න බොහෝ කාරණා තිබුණත් ‘මම මේ සතුට ලබාගන්න සුදුසු නැතැයි’ සමහරු සිතනවා. මෙය ඔවුන්ගේ මරණයෙන් පසු ජීවිතයට බලපානවා.
ජීවත් වීමේදී දක්වන ප්‍රතික්‍රියාවන් මරණයෙන් පසු ජීවිතයට බලපානවා. මේ මොහොත ඔබ සතුටට පත් වී සිටින මොහොතක්, සතුටෙන් සිටින කාලයක්, සතුටෙන් සිටින සති අන්තයක් කියා සතුටු වෙන්න පුළුවන් වුණත්, ‘මම ඒ වගේ සතුටක් ලබන්න සුදුසු නැතැයි’ කොයිතරම් දෙනෙක් සිතනවාද? ඔබ ඔබේ සතුට විනාශ කරගන්නවා. එය එසේ වෙන්න බැහැ. මම මගේ සතුට විඳිනවා. තමන් වරදක් කර ඇතැයි සිතීම, අසුභවාදී වීම නැත් නම් නිෂේධාත්මක වීම, නිතරම වැරදි සෙවීම, මනුෂ්‍යයන්ගේ දුර්වල ගුණාංගයක්. මේ ජීවිතයේදී එම ගුණාංග වැඩිදියුණු කරගත්තාම ඒවා ඒ විදියට මරණයෙන් පසු ජීවිතයටත් ගමන් කරනවා. මේ ජීවිතයේදී හොඳින් කල්ගත කරන්න ලස්සන අවස්ථා තිබුණත් සමහරු ඒ අවස්ථාව මගහරිනවා; තල්ලු කරදමනවා. “එහෙම වෙන්නේ කොහොමද? මම සතුටින් ඉන්න සුදුසු නැහැ. මම නරක මිනිහෙක්. මම නරක වැඩ කර තිබෙනවා” කියා සිතීම, වැරදි අඩුපාඩු සෙවීම, නිෂේධාත්මක වීම නතර කරන්න. එවිට ඔබ නිදහස්. සිකුරාදා පවත්වන දේශනාවලදී වැරදි කර ඇතැයි යන හැඟීම ඉක්මවා සුබදායක ලෙස සිතීම ගැන අප බොහෝ දේවල් කියා තිබෙනවා.
ජීවිතය ගැන සුභවාදී වෙන්න. ඔබේ අතීතය පිළිබඳ වේදනාවන් අත්හැරදමන්න. අතීත ස්මරණවල රැඳී, අතීතයේ සිරකරුවකු නොවන්න. බිත්තියක් බැන්ද පසු එහි ගඩොළු නවසිය අනූඅටක් නිවැරැදිව තැබූ ඔබ වැරදියට තැබූ ගඩොළු දෙක ගැන සිතමින් ළතවන්න එපා. ඇත්තටම මෙලෙස කටයුතු කිරීමෙන් ඔබ සුබවාදී ආකල්පවලින් නොව අසුබවාදි ආකල්පවලින් යුක්ත වෙනවා. මම ජීවිතය පිළිබඳ සුභවාදි ආකල්ප කියන යෙදුමට කැමැති නැහැ. එය තරමක් පට්ට ගැසූ සංකල්පයක්. ඒ වෙනුවට හැම වේලාවෙම සාධාරණ වෙන්න; යුක්ති සහගත වෙන්න; හේතු සහගත වෙන්න. ඔබ ගැන සිතුවොත් ඔබ නරක පුද්ගලයෙක් නොවෙයි. මගේ මුළු ජීවිත කාලය තුරාවටම මට නරක පුද්ගලයෙක් හමු වෙලා නැහැ. මට මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, හිරකරුවන් හමු වී තිබෙනවා. ඒ කවුරු වුණත් ඔවුනුත් මිනිස්සු. නමුත් ඒ සෑම කෙනකුගේම යහපත් පැත්තක්, සුන්දරත්වයක් මා දැක තිබෙනවා. ඔවුනුත් මිනිස්සු. ඔවුන්ට වෛර කිරීමට, ඔවුන් විනාශ කිරීමට නුසුදුසුයි. කිසිම මිනිසකු විනාශ නොකළ යුතුයි. සෑම මිනිසකුගේම හොඳ පැත්තක්, සුන්දරත්වයක් තිබෙනවා. මෙය තේරුම් ගැනීමට වටිනා සුන්දර දෙයක්. ඔබ ගැනත් එසේ සිතන්න. ඔබ සතුටක් ලැබීමට සුදුස්සෙක්.
ජීවිතයේ අර්ථය කුමක්ද කියා ඇසුවොත් ඒ ප්‍රශ්නයට දිය හැකි උත්තරය නම් ඔබ සතුටු වීමට සුදුසුයි යන්නයි. එය තමයි ඔබේ ජීවිතයේ අර්ථය. එහි විශාල අර්ථයක් තිබෙනවා. ඔබට ඔබේ වේදනාවන් අත්හැරදමන්න පුළුවන්. ඒ වගේම සාමය සතුට පී‍්‍රතිය ළඟා කරගන්න පුළුවන්. ඔබ මරණයට පත් වීමෙන් පසු ඒ කරුණාවන්තකම ඔබත් දක්වන්න. භය බොහෝ දෙනකුගේ ජීවිතය වෙළාගෙන සිටිනවා. මා මේ දේශනය පවත්වන්නේ ඔබ වෙළා සිටින භය ඔබෙන් ඉවත් කරන්නයි.
බොහෝ පුද්ගලයන්ට මේ ලෝකය සමඟ තද බැඳීම් තිබෙනවා. තමන්ට අතහැරදමා යන්නට සිදු වන තැනැත්තන්, අත්හැරදමා යන්නට සිදු වන දේපළ හා වස්තු සම්භාරයට බැඳී සිටිනවා. ඔබට ඔබේ අතීතය අත්හැරදමන්න සිදු වනවායැයි බුද්ධාගම කියන්නේ මේ නිසයි. ඔබට මේවාත් උසුලාගෙන යන්න බැහැ. එය ඉතා පැහැදිලි කාරණයක්. ඔබ දන්නවා අත්හැර යෑමට ඔබ උගත යුතුයි; පුරුදු විය යුතුයි.
ඔබ ඔබේ ඇලීම් බැඳීම් අත්හැරයෑම නිසා ජීවිතයේ සතුට විඳින්න ලැබෙන්නෙ නැතැයි සිතන්න එපා. ඔබ, ඔබ සමඟ සිටින පුද්ගලයන් ගැන සතුටු වෙනවා. දවස නිම වූ පසු “අද කොයි තරම් විශිෂ්ට දවසක්ද?” කියා ගත වූ දවස ගැන සිතමින් ඔබට නිදාගන්න ඇඳට ගොඩ වෙන්න පුළුවන් වෙනවා. අත්හැරදමන්න. හෙට තවත් දවසක් උදා වෙනවා. මා මේ සඳහා භාවිතා කරන්නේ විශිෂ්ට සංගීත ප්‍රසංගයක් පිළිබඳ උපමාවයි. මේ ලස්සන උපමාව මට ලැබුණේ මගේ පියාගේ මරණයෙනුයි. මගේ පියා මා සමඟ අවුරුදු දාසයක් ජීවත් වූ බව මම දන්නවා. ඒත් ඔහුගේ මරණය නිසා මම ශෝකයට පත් වුණේ නැහැ. මම කිසිම පසුතැවිල්ලකට පත් වුණේ නැහැ. මා අවුරුදු දාසයක් පමණ ඔහු සමඟ සිටියා. චමත්කාරජනක අවුරුදු දාසයක මා මගේ පියා සමඟ ගත කළා. ඔහු සමඟ ජීවත් වීමට ලැබීම කොයිතරම් වාසනාවක්ද? මෙය අතිවිශිෂ්ට ප්‍රසංගයක්. සෑම ප්‍රසංගයකම අවසානයක් තිබෙනවා. ප්‍රසංග බලන්න ගිය ඇත්තන්ගෙන් කීදෙනෙක් ප්‍රසංගය නිම වුණාම ශෝකයෙන් හඬා වැලපෙනවාද? “අනේ! ප්‍රසංගය ඉවරයි. තවත් ඉතින් ඒ ප්‍රසංගය බටහිර ඕස්ට්‍රේලියාවට එන්නෙ නැනැ” කියා කී දෙනෙක් වැලපෙනවාද?
එක ප්‍රසංගයක් ගියත්, තව ප්‍රසංගයක් එනවා; ඊළඟ සතියේ එන්න ඉඩ තිබෙනවා. මේ විදිහට පුද්ගලයන්ද එනවා - යනවා. ජීවිතය පිළිබඳ යහපත්ම දෙය මේක තමයි. ජීවිතය කියන්නේ ප්‍රසංග මාලාවක්. සතුටින් සිටින මොහොතවල් තිබෙනවා. අප පී‍්‍රතියෙන් ඔදවැඩී සිටින මොහොතවල් තිබෙනවා. නමුත් මේවා අවසාන වෙන බවත් අප දන්නවා. ප්‍රසංගය අවසාන වුණා වගේ අපි සතුටින් සිටින මොහොතවල් අවසාන වුණාට අඬා වැලපෙන්නේ කුමකටද? එක ප්‍රසංගයක් ඉවර වුණාම ‘ඒක හරි විශිෂ්ටයි’ කියා සිතමින් අපි ඊළඟ ප්‍රසංගයට මාරු වෙනවා. එක දවසක් නිම වී අපි තවත් දවසකට මාරු වෙනවා. ඒ වගේම එක් ජීවිතයක් නිම වී අපි තවත් ජීවිතයකට මාරු වෙනවා. ඔබට ඔබේ ජීවිතය ගැනද මේ විදිහට සිතන්න හුරුපුරුදු වෙන්න පුළුවන්. භාවනාවේදී සිදුවන්නේ මේකයි. අපි අතීතය අත්හැරදමනවා; අතීතයෙන් නිදහස් වෙනවා; උදා වූ මොහොත ආස්වාදය කරනවා. සතුටින් පිරුණු, සාමයෙන් පිරුණු භාවනාවෙන්ද සිදු වන්නේ මේකයි. ඔබ මරණයට පත් වුණාම සිදු වන්නේ මෙන්න මේක තමයි.
අතීතය අත්හරින්න. අනාගතය ගැන බිය නොවන්න. මේ මොහොත කරුණාභරිතව, අනුකම්පාවෙන්, සිතේ සාමදානයෙන් ගත කරන්න.
මේ ගැන මා නිතර භාවිත කරන උපමා කතාවක් තිබෙනවා. ඒක තමයි ඔලොගු දෙකේ කතාව. ඔබේ අත් දෙකේ බර ඔලොගු දෙකක් ඇතැයි සිතන්න. වම් අතේ ඇත්තේ අතීතය පිළිබඳ බර පුරවාගත් ඔලොගුවයි. දකුණු අතේ ඇත්තේ අනාගතය පිළිබඳ බර පුරවාපු ඔලොගුවයි. මේවා උසුලාගෙන යන්න බැරි තරම් බරයි. ඔබ අතීතය පිළිබඳ ඔලොගුවත්, අනාගතය පිළිබඳ ඔලොගුවත් බිම තැබුවොත් ඔබේ බර සැහැල්ලු වෙනවා. ඔබ දැන් බිම තැබූ ඔලොගු දෙක අතර, ඔබේ අතීතය හා අනාගතය අතර මොහොතේ පසු වෙනවා.
ඔබ මරණයට පත් වීමේදී කළ යුත්තේ මේකයි. අත්හැරදමන්න ඔබේ අතීතය. ඔබේ පසුකාලීන ජීවිතය පිළිබඳ මුළු අතීතයම අත්හැරදමන්න. ඔබේ ජීවිතයේ බොහෝම ලස්සන, සතුටුදායක අත්දැකීම් ඇතුවා වගේම අප්‍රසන්න අත්දැකීම්ද තිබෙන්න ඇති. ප්‍රසන්න අත්දැකීම් හරියට නිවාඩු කාලය වගෙයි. ඔබේ දුෂ්කර අවස්ථා ඔබේ වැඩ රාජකාරි වගෙයි. ඔබ වැඩ කරන විට ඉන් ඉගෙනගන්නවා; ඉගෙනගනිමින් ඉදිරියට කරනවා. ප්‍රසන්න අත්දැකීම්වලින් ඉගෙනගන්න. අප්‍රසන්න අත්දැකීම් හරියට ඔබේ වැටුප් පත වගේ. ඔබට දැන් හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන්. එය ජීවිතේම කොටසක්. ඔබ මැරුණාම මේ සියල්ල අවසන් වෙනවා. ඔබට කිසිවක් ගෙන යා නොහැකියි. ඔබට කිසිවක් ගෙන යා නොහැකි බව කවුරුත් කියනවා. ඒත් ඔබ ඒවාත් රැගෙන යන්න හදනවා. මේක ගැටලුවක්. ඔබ අතීතය අත්හැරදමන්නට පුහුණු වුණාම ඔබට උදා වූ මේ මොහොත රස විඳින්න පුළුවන්.
බොහෝ දෙනෙක් ජීවිතය රසවිඳීම නවතා තිබීම හරි පුදුමාකාර දෙයක්. අතීතය ගැන සිතා වර්තමාන සතුටත් නැති කරගන්නවා. අතීතයේ ඔබ කළායැයි සිතන අතීතයේ ඔබ කළා කියන දේවල් ගැන සිතන්න එපා. ඒවා අතීතයයි. ඒ වගේ අතීත ස්මරණයන් ගැන සිතසිතා මේ මොහොතේ සතුට පාලන කරගන්නට හදන්නෙ ඇයි? බුදුදහමේ ඉතාම බලසම්පන්න ඉගැන්වීමක් නම් ඔබ ඔබේ අතීතය ඔසවාගෙන වර්තමානයට නොයා යුතුයි යන්නයි. ඔබට ඔබේ අතීතය අත්හැරදමන්න පුළුවන්. එසේ කිරීමට බාධාවක් නැහැ. එය කළ යුතුයි. එමගින් ලොකු සහනයක් ලබාගන්න පුළුවන් වෙනවා. ඔබට ලොකු නිදහසක් ලබාගන්න පුළුවන්. කිසිම වරදක් කර නැති, සහමුලින්ම පරිශුද්ධ කෙනෙක් නැහැ. ඔබ කළ වරද තවත් කෙනෙකු කර තිබෙන්න පුළුවන්. ඒ නිසා වරදක් කළාය කියන හැඟීම, අතීත ස්මරණ අත්හැරදමන්න.
පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි
පරිවර්තනය - නීතිඥ සමරසිංහ ගුණසේකර
.
Thursday, June 18, 2015
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
ගීතයට හඬ මුසු කරන්නේ ප්‍රදීපා ධර්මදාස සමඟින් ලක්ෂ්මන් විජේසේකරයන්ය. ගීතය අප වෙත ගෙන එන්නේ සාමාන්‍යෙයන් අප අත්විඳින සිදුවීමකි. ඒ මිතුරු පෙමයි. පාසැලේ සරසවියේ සිට දක්නට ලැබෙන මිතුරු පෙම බොහෝ විට තාවකාලිකය. තම මිතුරියක් කෙරෙහි ප්‍රේම හැඟීමක් ඇති වී නොදැනීම මිතුරුකම වෙනත් අන්තයක් කරා යයි. බොහෝ විට ඇයගේ සිත් ඇදගන්නා රූ සපුවට වශී වී හෝ වෙනත් විශේෂ ලක්ෂණයකට ආකර්ෂණය වී මිතුරුකම මිතුරු පෙමක් දක්වා යයි. නමුත් පෙමක් ඇති වූ පමණින් එය විවාහයෙන් අවසන් නොවනු ඇත. විවාහය කරා යන කල සමාජය විසින් බාධක වැට කඩුළු රැසක් ඉදිරිපත් කරයි. බොහෝ විට සමාජ තත්ත්වය, පවුල් පසුබිම වැනි දෑ මෙයට බලපායි. එවන් තත්ත්ව මත මෙහි කථානායකයා හා කථානායිකාව අතර විශාල පරතරයක් ඇත. පෙම යනු හදවතට බැඳුනු දෙයකි. එවන් මතකයන් හදවතින් මැකිය නොහැක. එහෙයින් අප අතරේ මිතුරුදමට එහා ගිය පෙමක් ඇතිකර ගැනීම නුසුදුසු බව ඇය පවසයි.
මහ සයුරේ පාවෙන නෞකාවක් හට ගොඩබිමේ ඇති ප්‍රදීපාගාරයක් දර්ශනය වුවද කවදාවත් නෞකාවට පහන් කණුව වෙත යාත්‍රා කිරීමට නොහැකිය. එනම් කිසිදාක එක්වීමක් සිදු නොවේ. කළ හැක්කේ ඈත සිට බලා හිඳීම පමණි.තරු එළිය එතරම් ප්‍රභල නොවේ. එම එළියෙන් මඟ හරි හැටි සොයාගෙන යාම අපහසුය. එසේම මා ද හරිහැටි මඟක් නොදැන මේ දුරු ගමන තනිවම යමි. මට ඔබේ අලෝකය ලැබුණද මා යා යුත්තේ දියඹටය. ගොඩබිම සිටින ඔබ වෙත පැමිණිය නොහැකිය. එබැවින් අපේ සිහිනය මෙලෙසම මිය යා යුතුය.
නමුත් එසේ සිහිනය මිය යාමට ඉඩ දිය හැකිද. අතීතය නැවත නැවතත් සිහියට නැගෙයි. එම මතකයන් තුළ සැඟවී තනිවම දුකට තුරුළු වී සිටිමි. ඒ සොඳුරු දසුන ඉතා මනරම්ය. යළිත් ඔබ දැක ගැනීමටම මඟ බලා සිටිමි........
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩ බිමේ ...
තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
දිවයොරු සැඟවෙන මොහොතක තනි වී
ඉකි බිඳිනෙමි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
සංසාරය පුරාවට ඔබ මගේ අම්මා වෙන්නට ඇති අම්මේ
සංසාරය පුරාවට ඔබ මගේ අම්මා වෙන්නට ඇති අම්මේ...
ඒ සසර පුරා ඔබ මට අහසත් මුළු ලොවක්ම වෙන්නට ඇති අම්මේ
හදවතේ දෙවියන් වැඩ සිටිති යි මම දනිමී
මා හදෙහි වෙසෙන්නේ මගේ අහිංසක අම්මායි එනමුත්
ලොව සැවොම දෙවියන් සොයා
කෝවිල් දෙවොල් වෙත පියමනී..
නමුදු මගේ අම්මා සිටින කල නිවසේ
දෙවියන් හා සමයි මාගේ අම්මා
සංසාර ගමණ පුරාවට ඔබ මගේ යැදුමයි අම්මේ...
ඒ සසර පුරා ඔබවයි මගේ සිතුමන් පැතුම් අම්මේ...
හදවත ගැඹුරේ සත්‍ය සැඟව තියේළු
මා හදෙහි වෙසෙන්නේ මගේ අහිංසක අම්මායි එනමුත්
කුඩාවිටම තේරුම් ගත්තා මගේ අම්මේ
මම කවදා හෝ ලෝකය ජයගන්නා විට
ඔබ මා ගැන ආඩම්බර වන බව
සංසාරය පුරා ඔබේ විශ්වාසයයි වන්නට ඇති මම අම්මේ
සංසාරය පුරා ඔබ හා ජීවත් වන්නට ඇති මම අම්මේ
මගේ හැමදේකටම පලමුවත් ඔබයි අම්මා
මා හදෙහි වෙසෙන්නේ මගේ අහිංසක අම්මායි,,,,,,,,,,,,,,
Wednesday, June 17, 2015
අමුතු කථාවකී මේ ඇරඹූමක් අවසානයක් නොදන්නා.....
කොතනින් අරඹන්නදෝ?
කොතනින් නිමාකරන්න දෝ?
මාගේ මේ කථාව
අපගේ කැමැත්ත කුමක් දෝ කියා
නැහැ ඔහුටවත් නැහැ මටවත් තේරෙන්නේ.
ආලෝකයට වඩා දූමාරය නැඟෙන්නා
ගිණිදළු වූ වෙති දැවෙනා
මුලා කරන්නා වූ මේ සිහිනයෙන්
අවදි විය යුතුව තිබේ
සූභපැතුම් ඔබට ඔබේ ගමනට
දෑසක ආලෝකයක් වන්නට හැකිවූවාට
ළං වී සිටින්නට කෙනෙකු හමු වූවාට
අප සැමගෙන් ඈතට වෙන් වෙලා ගියා වූවද
කාගේදෝ ආදරයක් විඳින්නා වූ ඔබ
අළුත් ලෝකයක් ජීවිතයක් ආලෝකමත් කරා
තාමත් ගෙවනා සෑම රාත්‍රියකම
තනි වූ මට ඇසේ
ඔබගේ මතකයන් රැඳි කථාවන්....................
වරණ විපර්යාසය
වරණ විපර්යාසය පිළිබඳව අපට මුලින්ම කියා දුන්නේ පාසලේ චිත්‍ර පාඩමේදිය.තද වර්ණ දෙකක එකතුවෙන් ලා වර්ණ සැදෙන බව එහිදී කියා දුන්නා මතකය.එහිදී මුල් වර්ණ දෙකේ පවතින අනන්‍යතාවය අහෝසි වී යන බව අපි හැදෑරුවෙමු.එනම් වර්ණ විපර්යාසයකින් ගොඩ නැගෙනුයේ අලුත් වරණයකි.එයට මූලික වරණයක මෙන්ම අනන්‍යතාවයක් නොතිබීමට පුළුවන.මුල් වර්ණයේ අනන්‍යතාවය එලෙසින්ම පැවතීමට නම් ඒවා එකතු නොවී පැවතිය යුතුය.
ඊලග වර්ණ විපර්යාසය පිලිබඳ අසන්නට ලැබුනේ රසායන විද්‍යාව විෂයෙනි.රසායනාගාර පරීක්ෂණවලදී ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියා කරද්දී අපි වරණ විපර්යාසය නිරීක්ෂණ කළෙමු.වර්ණ විපර්යාස ඇසුරෙන් රසායනික ක්‍රියාවලිය හදුනා ගත්තෙමු.විවිධ රසායනික සංයෝග එකතු වී ඒවා ප්‍රතික්‍රියා කර විවිධ වරණ වල අවක්ෂේප හදුනා ගත්තෙමු.පරීක්ෂණ නල තුල සිදුවන වර්ණ විපර්යාස පිලිබදව නිරීක්ෂණය කළෙමු.ඒවායේ කිසියම් විද්‍යාත්මක පදනමක් ඇතිබව හදුනා ගත්තෙමු.
එහෙත් නුතනයේ දේශපාලනික ක්‍ෂේත්‍රයේද විවිධ ආකාරයේ ප්‍රතික්‍රියා සිදුවෙමින් තිබේ.ඒ තුල විවිධ වරණ විපර්යාස සිදුවෙමින්ද තිබේ.නමුත් ඒවා පෙරකී පරීක්ෂණ මෙන් තර්කානුකුල බවක් හදුනා ගත නොහැක.එහෙත් මේ වර්ණ විපර්යාස සමාජය උඩු යටිකුරු කරන්නට සමත් වී තිබේ.ඒ තුල හුදෙකලා මිනිසුන් අන්ද මන්ද කරවා තිබේ.
දේශපාලනයේ පක්ෂ පාට මාරුවීම් සිදුවෙමින් තිබේ.ජන සමාජයට විහිළු සපයමින් කිසිදු හිරිකිතකින් තොරව සිදුවන පිල් මාරු කිරීම් ඒ වර්ණ විපර්යාසයට උදාහරණය.නිල්,කොළ,රතු,රෝස විවිධ වරණ වලින් යුත් දේශපාලකයෝ භේදයකින් තොරව පක්ෂ මාරු කරති.ඒවා සාධාරණිකරණය සදහා ඔව්හු විවධ තර්ක ඉදිරිපත් කරති.වරෙක නිල් කොළ මිශ්‍රවේ.තවත් වරෙක නිල් රතු මිශ්‍රවේ.තවත් තැනක කොළ රතු මිශ්‍රවේ.වර්තමානයේ දක්නට ලැබෙන ලැබෙනුයේ නිල්,රතු,කොළ,රෝස මිශ්‍රණයකි.ඉන් ගොඩ නැගෙනුයේ කවරනම් අනන්‍යතාවයක්දැයි ගැටලුවකි.
ධනපති දේශපාලන පක්ෂ වලට ප්‍රජාතාන්තික පක්ෂවලට සමාජවාදී පක්ෂවලට පැවතියේ වෙන වෙනම වූ අනන්‍යතාවයකි.ඒවා එකිනෙක සමමිශ්‍රණය විය හැකිදැයි යන්න ගැටලුවකි.ඒවා එකට එක භාජනයක බහාලිය හැකිනම් වෙන වෙනම දේශපාලන පක්ෂ පැවතීමේ අවශ්‍යතායක් වෙද්දැයි ගැටලුවකි.
මේ නිසා අද අපට ඇත්තේ දේශපාලන සුජාත බව අහිමි වූ නිර්දේශපාලනික ජන සමාජයකි.අද අපට හිතන්නට පුරුදු කර ඇත්තේ සමාජ ප්‍රශ්නවල දේශපාලන මුලයන් නොමැති බවකි.ඒවා ඕපපාතිකව හට ගන්නා බවයි.මේ නිසා නුතන පරම්පරාව දේශපාලනය වෙනමත් සමාජ ප්‍රශ්න වෙනමත් හඳුනාගනිමින් සිටිති.තවත් කෙනෙකුට ඒවා වස්තු විෂය වන බවකුත් නොතේරේ.ඒ නිසා අතීත විප්ලවවාදී නායකයෝ අද ධනවාදී සුපෝපභෝගී ජිවිත ගත කරතී.මන්දිර තනති.තරඟයට මුදල් එකතු කරති.ධනවාදී දේශපාලන පක්ෂ වල මන්ත්‍රීවරු වෙති.ඉතින් මේ වර්ණ විපර්යාසයක් නොවේනම් වෙන කවරක්ද?
මේ හේතු නිසා අපට දුෂිතයන් චෞරයන් සහ හොද මිනිස්සු පැටලී තිබේ.ඔවුන් වෙන්කර හඳුනාගැනීම දුෂ්කර වී තිබේ.දඬුවන් දෙනවා කියූ දූෂිතයෝ අද වීරයෝ බවට පත්ව තිබේ.වීරයන් හා දුෂ්ඨයෝ මාරු ජනසමාජ වලට මුහුණදීමට සිදුවනුයේ අකරතැබ්බිවලට් පමණි.මේ මොහොතේ ඇති දේශපාලනික ගන්ධබ්බ බවෙන් රට මුදවා ගත යුතුය.වෙනස යනු සියල්ලටම සාධාරණය ඉටු කරන්නක් නොවේ.වෙනසින් පසුව රට නිවැරදි මාවතේ රැගෙන යාම බලධාරීන්ගේ යුතුකමයි.තවමත් නිවැරදිව ඉටු නොවන්නේ එයයි.ඒ නිසා තාරුණයේ අපි අවදියෙන් සිටිමු.විමසිලිවත්ව බලාසිටිමු.තරගයෙන් ඉවත්ව තරගය නරඹන විට සියල්ල වඩා හොඳින් දර්ශනය වේ.මේ දෙබඩි දේශපාලනය අපි හදුනාගත යුතු නොවේද? තව දුරටත් ඊට රැවටිය යුතුද?
සත්තකින්ම මේ දශක ගණනාව පුරා සිදු වුයේ ජනතාව රැවටීම නොවේද?තට්ටුමාරු ක්‍රමයට ඔවුහු ජනතාව රැවටීමට ලක්කළහ.ඒ වර්ණ විපර්යාස දේශපාලනයේ හැටිය.එය විවිධ මුහුණුවරින් ක්‍රියාවට නැංවෙමින් තිබේ.ඊට අවස්ථානුකූලව තව දුරටත් අපි රැවටිය යුතුද?නුතන දේශපාලන වරණ විපර්යාසයට දක්වන හේතු වඩා විහිලු සහගත වනුයේ ඒ අර්ථයෙනි.ඒ නිසා අපි නොරැවටී සිටීමේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිමු.ඔබටද ඊට ඇරයුම් කරමු.............

Tuesday, June 16, 2015
ගොධිමාල් බිහිසුණු සත්ව ඝාතනය
නේපාලයේ "ගොධිමාල්" බිහිසුණු සත්ව ඝාතනය ( බිලි පූජාව ) නිසාද නේපාලයේ පොළව කම්පා වෙන්නේ වුනේ !
කර්මය අනුව ඔව් නමුත් විද්‍යත්මකව නැහැ...
දිනය 2015 අප්‍රේල් මස 25 වනදාය.වෙනදා මෙන් උදෑසන තම වැඩකටයුතු ආරම්භ කළ නේපාල වැසියන් තවත් සුළු මොහොතකින් ඔවුන්ට සිදුවීමට නියමිතව තිබු ඛේදවාචකය ගැන හාන්කවිසියක් නොදැන සිටියාය.මහපොළව මහ හයියෙන් හෙලවෙද්දී,මහා ගොඩනැගිලි,පාසල්,ගෙවල් දොරවල් බිමට සමතලා වෙද්දී එම සුන්බුම් මැදට යටවී අසරණ ජිවිත විශාල සංඛ්‍යාවක් අවසන් හුස්ම වාතලයට එක් කලේය.
ලාංකීය ලෙස අප මේ සිදුවීමට වඩා සංවේදී වන්නේ නේපාලය අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ උපන් බිම වන නිසයි.මෙම භූකම්පනයෙන් බුදුන් උපන් ලුම්බිණියට කිසිදු හානියක් සිදුවී නැත.මෙම භුකම්පනයට හේතුව කර්ම පල දීමක් විය යුතුමය.ඒ මේ බුදුන් උපන් දේශයේ වසර පහකට වරක් පැවැත්වෙන බිළි පුජාවක් හේතු කොට ගෙනය.
දෙවියන් සතුටු කිරීම සදහා පැවැත්වෙන මේ උත්සවය සෑම වසර පහකට වරක්ම නේපාල දේශසිමාව ආසන්නයේ පැවැත්වෙන අතර එහෙදි දෙවියන් සතුටු කිරීමේ අදහසින් බැතිමතුන් මී ගවයන්,එළුවන් මෙන්ම පක්ෂින්ද විශාල ප්‍රමාණයක් ඝාතනය කරනු ලබනවා.
මේසදහා බැතිමතුන් මිලියන 2.5 ආසන්න ප්‍රමාණයක් සහභාගී වී අහිංසක සතුන් 250000ක් පමණ ඝාතනය කර තිබෙනවා.අසල්වාසීන්ගේ තරම් නැතත් නේපාලයේ මිලියන 25ක් පමණ හින්දු ජාතිකයන් ඇත.ඉන්දියාවේ ගවයන් පුජනිය වස්තුවක් ලෙස සැලකුවත් මි ගවයන්ට මේ ආකාරයට සැලකීම පුදුමයකි.
ගවයන්ට පමණක් නෙමෙයි , සියලුම සතුන්ට මේ ලෝකේ සමසේ ජීවත් වීමට අයිතිය තිබෙනවා. සතෙකුගේ ලේ දැක ඔබේ දෙවියන් සතුටු වෙනවනම් ඔබේ ලේ දකිමෙනුත් එම දෙවියන් සතුටු වනු ඇත. ලෙයින් සතුටු වන දෙවියන් ඇත්තටම දෙවි කෙනෙක්ද? තවත් සතෙකු මරා ඔබේ ජිවිතයට සතුටක් අවශ්‍යද?
බුදුන් උපන් දේශය වෙලත් නේපාලේ මිනිසසු මේ වගේ මිත්‍යා දෘෂ්ටි වල ඉන්නවනේ.
සොභ දහමට ආදරය කිරීම අත්‍යවශ්‍ය. මිනිසුන්ව මේ ලෝකෙට ගෙනාවේ සොභ දහම. එම නිසා මිනිසුන් සොබා දහමට හිංසා කළහොත් සොබා දහම විසින් එයිට වඩා එම මිනිසුනට හිංසා කරනු ලැබේ. සියලුම සත්වයින්, ගහ කොළ, වතුර, මහ පොළව ...... සියලු දේ සොබා දහමට අයත් මිනිසෙකු මේ ලොවට ඉප දීමට මේ සියලුම දෙවල් මැදිහත් වෙනවා.
මිනිසෙකුට කිසිම අයිතියක් නැහැ සතෙකුට කිසිම අයුරකින් හිංසා කිරීමට. සොබා දහමට ආදරය කරන මිනිසුන් සොබා දහම විසින්ම පාලනය කරන අතර ආගමට, සංස්කෘතියට තමාගේ ආත්මාර්ථයට, තමාගේ ජිවිතය ආරක්ෂා කිරීමට සොබා දහමට හිංසා කිරීම බරපතල ඛේදවාචයකට බල පා හැක. එම නිසා මෙවැනි සත්ව ඝාතනය කිරීම බර පතල කලකිරීමක් වේ. මිනිස්සු වශයන් අපි සැවොම ගහ කොළ සතා සිවුපාවුන්ට ජලයට මහපොළවට ආදරය කිරීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොකරන්නේ නම් එවැනි මිනිසුන්ගෙන් කිසිම ඵලක් නොමැත. මේ පිලිබඳව සංකෘතිකව, ආගමිකව හෝ මොනයම් ක්‍රමයකින් මිනිසුන්ව හුරු කළ යුතුය. මගේ ප්‍රර්ථනය කිසිම සතෙකු මිනිසෙකු විසින් ඝාතනය නොකෙරවා යන්නය ......... මේ ලෝකේ සියළුම දේට වඩා ප්‍රභලම දේ සොභා දහමේ මැදිහත් වීමය.

ජීවමාන භාග්‍යය වතුන් වහන්සේගේ සිරිපතුල් වල මුදු පහස තවමත් දඹදිව පොළෝ තලයේ තිබුණ කාලෙත් ඒ දඹදිව සමහරුන් බිලි පූජා කරමින් ප්‍රමාදවෙමින් පාපී අකුසලයේම ඇලිලා හිටියා. දැන් ඒ අය නිරයේ වැටිලා රත්වුණු යකඩ ගුලි ගිලිමින් "අනේ අපට වෙච්ච දේ" කිය කියා පසුතැවෙනවා ඇති. මිහිරි වූ ආර්යයන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මය අඳුරගන්න අදක්ෂකම කියලා තමා මේකට කියන්න තියෙන්නේ. අපේ රටේ මිනිස්සුත් පන්සිල් වලින් ඈත් වෙලා ශ්‍රද්ධාවෙන් ඈත්වෙලා පාර කපා ගන්නේ මෙන්න මේ වගේ රටක් දිහාට තමා. ආගමට ධර්මයට ආදරයක් නැති ගෞරවයක් නැති අනාගත පරම්පරාවකින් වෙන මොනවා වෙන්නද?
මේ සිංදුවත් අහලා යන්න....
Subscribe to:
Posts (Atom)